යුධ හමුදාපතිට අධිකරණයෙන් නියෝගයක්

යුධ හමුදාපතිට අධිකරණයෙන් නියෝගයක්

මේජර් ජෙනරාල් ධුරයට උසස් වීම සඳහා සියලු සුදුසුකම් සපුරා තිබියදීත් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් තමන්ගේ අයිතිවාසිකම් අහිමි කල බව අධිකරණයට කියා සිටි බ්‍රිගේඩියර් චන්දන රණවීර ගේ පෙත්සම පිළිගෙන ඇත.

එම ධුරයට උසස් කිරීම ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් නොකිරීමට හමුදාපතිවරයා කටයුතු කරමින් සිටින බව අධිකරණයට කියා සිටි පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීරට සවන් දුන් අධිකරණය හමුදාපතිවරයා නියෝගයක් නිකුත් කොට තිබේ.

මේජර් ජෙනරාල් ධුරයට උසස් වීම සඳහා සියලු සුදුසුකම් සපුරා තිබියදීත් පදනම් විරහිත චෝදනා එල්ල ව ඇතැයි බ්‍රිගේඩියර් චන්දන රණවීර පැවසීය. කරමින් එම ධුරයට උසස් කිරීම ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් නොකිරීමට හමුදාපතිවරයා කටයුතු කරමින් සිටින පෙත්කම්කරු පවසයි.

දැන් බ්‍රිගේඩියර් චන්දන රණවීර මේජර් ජනරාල් ධුරයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට යුද හමුදාපතිවරයා ට සිදුවෙනු ඇත. බ්‍රිගේඩියර් චන්දන රණවීරට හිමිවිය යුතු හිඟ දීමනා සහ වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කරන ලෙසත් අධිකරණ නියෝගයේ සඳහන් කොට ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් මෙම නියෝග නිකුත් කළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් වුහ.

Related Articles