රොෂාන් අස් -මීළඟට ?

රොෂාන් අස් -මීළඟට ?

ක්‍රීඩා ,යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කොට ඇති අතර මෙය රොෂාන් රණසිංහ ඇතුළු බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන් සිටි පියවරකි .

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති බර්ක්ලේ නුදුරු දිනයකදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ක්‍රිකට් ක්‍රීඩාවට ආණ්ඩුව අත පොවන බවට නැගෙන චෝදනා සමහන් කිරීම සඳහා රොෂාන් රණසිංහ තනතුරෙන් පහ කල බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ.

සමඟි ජන බලවේගයට පැති මාරු කිරී හෝ ස්වාධීනව සිටිමින් විපක්ෂයට කටයුතු කිරීම පිළිබඳව රොෂාන් රණසිංහ සහ සජිත් ප්‍රේමදාස අතරේ කතා බහක් මුල පටන්ම තිබුන බවයි අපේ පාර්ලිමේන්තු වාර්තා කරුවන් පවසන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය ද රැස්වූ අතර එම රැස්වීම සඳහා ද රොෂාන් රණසිංහ සහභාගී කර ගෙන නැත .

මේ වන විට රොෂාන් රණසිංහ ගේ ව්‍යාපාර කටයුතු පිළිබඳව පොලිස් විමර්ශන කටයුතු ආරම්භ වී ඇත.

Related Articles