ඊශ්‍රායලයට කම්කරුවන් යවන්න එපා – හකීම්

ඊශ්‍රායලයට කම්කරුවන් යවන්න එපා – හකීම්

ගැටුම් පවතින ඊශ්‍රායලයට කම්කරුවන් 10,000ක් යැවීමේ ආණ්ඩුවේ සැලසුමට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විරුද්ධය පල කොට සිටී. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයට කම්කරුවන් යැවීමේ සැලැස්මට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි.

“යුද අපරාධ කරන රටකට අපේ කම්කරුවන් යැවීම, හිට්ලර් යුදෙව්වන් ඝාතනය කරන විට, කම්කරු හිඟය පැවති නාසි ජර්මනියට කම්කරුවන් යැවීම හා සමානයි” යනුවෙන් හකීම් බ්‍රහස්පතින්දා (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මේ වගේ වෙලාවක අපි සංවේදී වෙන්න ඕන. මේක හරියට අපේ සිගරට් එක ඇවිලෙන පලස්තීන ගෙවල්වල ගින්දරෙන් පත්තු කරන්න හදනවා වගේ වැඩක්.” යයි ඔහු පැවසීය. හකීම් කියා සිටියේ තමන් මේ සතියේ රාජ්‍ය තාන්ත්‍රික උත්සවයකට සහභාගි වූ බවත්, එහිදී අරාබි නායකයන් කිහිප දෙනෙකු ආණ්ඩුවේ සැලසුම පිළිබඳව ඔවුන් තුෂ්නිම්භූත වූ බවයි .

“අපි අරාබිවරුන්ට ඇහුම්කන් දෙන්න ඕනේ නැහැ හැබැයි අරාබිය ශ්‍රී ලාංකිකයින්ට රැකියා ලක්ෂ ගණනක් ලබා දෙනවා. ඔබට විදේශ විනිමය උපයා ගන්න පුළුවන් වේවි ඒත් මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයට යවන එක සුදුසුද කියලා කල්පනා කරලා බලන්න යි හකීම් පැවසීය. ”

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේ දෙරටේ විසඳුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය වෙනස් වී නොමැති බවයි, “ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලීම අපි හෙළා දකිනවා. බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචිකරුවන් ඉවත් කළ යුතුයි. දේශපාලන විසඳුමක් තියෙන්න ඕන.” යයි පැවසීය.

Related Articles