ඉමියුනොග්ලොබින් ගැන අපුරු හෙළිදරව්වක්

ඉමියුනොග්ලොබින් ගැන අපුරු හෙළිදරව්වක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පොල් ගැසූ සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත එම සිද්ධියට අදාලව පොලිස් ඇප ලබාගත් නමුත් වෙනත් වරෙන්තුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරින.

පුදුමයක මෙන් එදා උදේ පොල් ගැසිල්ලට ප්‍රස්තුත වූ ඉමියුනොග්ලොබින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ද මැගසින් බන් ධනාගාර පෝලිමෙදී ඔහුට මුණගැසී තිබේ. රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුලත දී ඔහුට හමු වූ සැකකරුවන් පවසා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය නතර කොට වෙනත් ක්‍රියාවලියක් හරහා ඉමියුනොග්ලොබින් මිලදී ගැනීම කල බවයි .

තමන් කව්දැයි මේ සැකකරුවන්ට හදුන්වා දීමෙන් පසු සංජය මහවත්තට මේ පිරිස පවසා ඇත්තේ මේ කරුණු රටට හෙළිදරව් කිරීම වැදගත් බවය. මේ කරුණ දැන් උසාවිය හමුවේ පැවතින හෙයින් සහ පුවත සනාථ කිරීම දුෂ්කර හෙයින් මීට වැඩි යමක් කිව නොහැක.

සංජය මහවත්ත පවසනන ආකාරයට මේ සැකකරුවන්ට රක්ෂිත බන්ධනාගාරයේදී අතිරේක පහසුකම් ලැබෙමින් පවතී.

වීඩියෝව නරඹන්න

Related Articles