හරක් කටා කැටයම් දාන්නේ කොහොමද ?

හරක් කටා කැටයම් දාන්නේ කොහොමද ?

පාතාල ලෝකයේ නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා මේ වන පුවත් මවන්නෙකු වී සිටී. මේ පුවත් ජාලය යටින් ඇති ප්‍රධාන පුවත වන්නේ ඔහු වටා ඇති ජාලයයි. මේ ජාලය කිසිදු ලෙසකින් හෙළිදරව් නොවෙන අතර විටින් විට පුවත් පමණක් ඉස්මතුවෙන අතර ඉන්පසු ඒ පුවත් වාෂ්ප වී යයි.

හරක් කටා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට මිලියන 700ක අල්ලසක් ලබා දීමට උත්සාහ කල් බව හෙළිදරව් කළේ ඇමැතිවරයාමය. ටිරාන් අලස් අමාත්‍යවරයාට එම මුදල ලබා දෙන හිලව්වට ඉල්ලා ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන ඩුබායි රාජ්‍ය වෙත යවන ලෙසයි. ගැටලුව වන්නේ මේ අල්ලස ලබාදීමට මැදිහත් වුවෙක් ගැන  තොරතුරක් හෝ විමර්ශනයක් පිළිබඳව තොරතුරක් නැතිවීමයි.

හරක් කටා වැනි අයට එන දුරකථන ඇමතුම් සියල්ල පරීක්ෂාවට ලක් කරන බව ටිරාන් අලස් පැවසුවේ තලතා අතුකෝරාල මන්ත්‍රීවරිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. ගැටලුව වන්නේ රහස් පොලීසිය භාරේ සිටින හරක් කට දුරකථන භාවිතා කරන්නේ කෙසේද යන්නයි. හරක් කටා අත්අඩංගුවට ගත් එක අවස්ථාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියේ මත් ද්‍රව්‍ය ජාවාරමෙන් පොලිස් ජාවාරමෙන් මසකට රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් උපයාගෙන ඇති බවයි.

මෙයින් පෙනී යන්නේ දැවැන්ත මුදලක් හරක් කටා වටා සංසරණය වන අතර ඒ මුදල් බලයේ අනුහසින් දැවැන්ත ආරක්ෂක ජාලයක් ඔහු වටා නිර්මාණය වී ඇති බවයි . ඔහු සැඟවී සිටි මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත අවස්ථවේදී එරට පොලිස්පතිවරයාද හරක් කටා කුඩු සළිඳු සමඟ නතර වී සිටි හෝටලයට පැමිණ සිටියේය .

සුදු කරපටි අපරාධකාර පන්තියක්

හරක් කටා වටා දේශපාලඥයින්, පාතාල සාමාජිකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට අමතරව සුදු කරපටි අපරාධකාර පන්තියක් සිටින බව පෙනේ. හරක් කටා ගේ මුල් සැලසුම වී තිබුනේ ඔස්ට්‍රේලියාවට පැන ගැනීමයි ,ඒ සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා තිබෙන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අනුග්‍රහය ඔහුට තිබුනේද යන්න විමර්ශකයින්ගේ තියුණු විමර්ශන වලට යොමු විය යුතු කාරණාවකි .

හරක් කටා වටා සිටින ආරක්ෂක වළල්ල හෙළිදරව් කරගන්නේ නැතුව ඔහුගේ අපරාධ හෝ ක්‍රියාකාරිත්වය අනාවරණය කරගැනීම දුෂ්කර වනු ඇත .

Related Articles