ලංකාවේ ළමුන් අනතුරේ

ලංකාවේ ළමුන් අනතුරේ

මන්ද පෝෂණය සහ අපයෝජනය නිසා ශ්‍රී ලංකාවේ ළමුන් දැඩි අනතුරැක සිටින බව එක්සත් ජාතීන් ගේ වර්ත්වකින් හෙළිදරව් වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තාවකින් පෙන්නුම් කළේ 2016 වසරේ සිට අඛණ්ඩව පහත වැටුනු මන්ද පෝෂණය ටීමකින් පසුව 2022 පටන් යළි හිස් ඔසවන්නට පටන ගෙන් ඇති බවයි .

කාර්යාංශයට අනුව, අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 43.4 ක් මන්ද පෝෂණයෙන් පෙළෙති. ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පසුගියදා මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළේ 2023 ඔක්තෝම්බර් මාසයේදී වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 131 දෙනෙකු දූෂණයට ලක් වූ බවට වාර්තා වී ඇති බවයි. මෙම දැරියන් 10 දෙනෙකු ලිංගික අපයෝජනයන් හේතුවෙන් ගැබ්ගෙන ඇති බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය .

ගැහැණු ළමයින් 32 ක් සහ පිරිමි ළමයින් 16 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව හෙළි වූ අතර ඔවුන් අතර වයස අවුරුදු 11 ට අඩු ළමුන් 18 ක් සහ 29 ක් වයස අවුරුදු 12 ත් 16 ත් අතර විය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය වූ ගීතා කුමාරසිංහ 2023 සැප්තැම්බර් මාසය සඳහා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් කියා සිටියේ බාලවයස්කාර දැරියන් දූෂණය වූ සිද්ධීන් 168 ක් වාර්තා වී ඇති බවයි.

Related Articles