ඇලෙක්ස්ට යුක්තිය ඉටුවෙයිද ?

ඇලෙක්ස්ට යුක්තිය ඉටුවෙයිද ?

පොලිස් අඅඩංගුවේ දී මියගිය වඩුක්කොඩෙයි, සිත්තංකේනි හි විසි හය හැවිරිදි නාගරාසා ඇලෙක්ස්ගේ නිසල සිරුර මිහිදන් කෙරද්දී ප්‍රදේශවාසීන් පැවසුවේ යුක්තිය නොවෙන බවක් පෙනෙන්ට තිබෙන බවයි ඉටු කරන ලෙසයි.

නාගරාසා ඇලෙක්ස් යාපනය බන්ධනාගාරයේ, බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසුව අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් මීට දින කිහිපයකට පෙරදීද යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ. එම අවස්ථාවේ ඔහු බැලීමට රෝහලට පැමිණි පවුලේ ඥාතියකුට නාගරාසා ඇලෙක්ස් තමන් පොලීසිය තුලදී වධ බන්ධනයට මුහුණ දුන් ආකාරය පිළිබඳව කර ඇති විස්තරය එම ඥාතියා විසින් සිය ජංගම දුරකතනයෙන් විඩියෝ ගත කර ඇත.

“පොලිසිය සැක කේස් එකකට අරන් ගිහින් ගැහුවා. හොරකම් සිදු වෙලා කියලා ගැහුවා. පිටි පස්සේ ගැට ගහලා මූණ රෙදි කෑල්ලකින් වහලා වතුර වක්කර, වක්කර ගැහුවා. පොඩ්ඩයි කන්න දුන්නේ. එක ලණුවකින් ගැට ගහලා ගැහුවා. අහ, අහ ගැහුවා. මම නෑ කිව්වා. බෑගයකට පෙට්‍රල් තවරලා දාලා ගැහුවා. මට සිහිනැති උනා.“ යැයි නාගරාජා ඇලෙක්ස් පවසන ආකාරය විඩියෝ ගතව තිබේ.

තරුණයාගේ මරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ සරවනභවන් සදහන් කර ඇත්තේ නාගරාසා ඇලෙක්ස් පොලිස් අත්අඩංගුවේදී වධ හිංසාවට ලක්වු බවට සැකයක් නොමැති බවයි.

“මෙම සිද්ධියේදී ඔහු මිය යාමට පෙර ලබාදුන් ප්‍රකාශය, ඥාතීන්ගේ ප්‍රකාශ, ඇතුළු සියළු ප්‍රකාශවලින් පැහැදිලි වෙන්නේ ඔහු පොලිස් අත්අඩංගුවේ දී වධහිංසාවට ලක් වූ බවට සැකයක් නැති බවයි .“

මේ සම්බන්ධයෙන් වඩුක්කොඩෙයි පොලිසියේ සේවයේ නියුතු නිලධාරීන් හතර දෙනකු හඳුනාගෙන ඇති බව යාපනයේ මාධ්‍යවේදීන් සමග පැවසු යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් තව දුරටත් සදහන් කර ඇත්තේ ඒ අනුව ඔවුන් සිව්දෙනාම මේ වන විට දිස්ත්‍රික් අපරාධ නිවාරණ පොලිස් ඒකකය යටතේ සිටින බවයි.

යාපනය හිටපු නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ද නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

“මියගිය තරුණයාගේ මරණාසන්න පාපොච්චාරණයෙන් වධහිංසාව හෙළිදරව් වන අතර මේ පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කිරීම කරලා විමර්ශන කණ්ඩායමක් පත් කර තිබීම ඇස් බැන්දුමකි. අදාළ පොලිස් ස්ථානය භාර නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.“

Related Articles