ඉන්ධන ජාවරම්කරුට  සිරදඬුවම්….

ඉන්ධන ජාවරම්කරුට සිරදඬුවම්….

ඉන්ධන සැඟවීම පිළිබඳව අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ ඉන්ධන හලක කළමනාකරුවට සිරදඬුවම් නියම කෙරන්නේ ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රයේ අක්‍රමිකතා බහුලව වාර්තාවෙන සමයකයි.

අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ ඉන්ධන හලක කළමනාකරුවාට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය මාස තුනක සිර දඬුවමක් නියම කළේ රුපියල් 10,000 දඩයක් ද සමගිනි. සිර දඩුවම වසර තුනකට අත් හිටුවීමට නියෝග කර ඇත.

දඩුවම් නියම වූයේ අනුරාධපුර ගුවන් තොටුපල පාරේ ඉන්දික ඉන්දන පිරවුම් හළේ කළමනාකරු වන සිංහලේ විජේකුමාරටය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීමකට අනුව විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් ඉන්ධන තොග රඳවා තබා ගෙන සිටි බවයි විත්තිය පැවසුවේ.

ඉන්දන ලීටර් 7,000 අධික ප‍්‍රමාණයක් සඟවා තබා ගත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සදහා යන්න පිළිගත නොහැකි බව විමර්ශන නිලධරියා උසාවියට දැන්වීය.

මාලඹේ අමර ගොඩ පාර හෝකන්දර නිවසක බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ පෙට්‍රල් ඉන්ධන ලීටර් 100 ක් සමග 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.මෙම තරුණයා ත්‍රීරෝද රථයක් යොදා ගෙන පෙට්‍රල් තොග රැස්කරගෙන පෙට්‍රල් ලීටරයක් රුපියල් 2500 කට විකුනා ඇත.

ත්‍රීරෝද රථ ධාවනයෙන් හොයනවාට වඩා වැඩි මුදලක් පෙට්‍රල් විකිණීමෙන් ලැබෙන තාක් මේ ඉන්ධන අර්බුදය විසඳිය නොහැකි වනවා සේම මහා පරිමාණ තෙල් ජාවාරම්කරුවන් මැඩලීමෙන් තොරවද මේ අර්බුදය තාවකාලිකව හෝ සමනය කරගැනීම දුෂ්කර බවයි මාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ.

තදින් පියවර ගන්න පොලීසියට නියෝග…

නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ඉන්ධන ජාවාරම් වල නිරත වන පිරිස් වලට එරෙහිව තදින් පියවර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ විසින් පොලීසියට නියෝග කොට ඇති බවයි.

ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රයේ අක්‍රමිකතා හේතුවෙන් පිරවුම්හල් ආශ්‍රිතව නිතර ඇතිවෙන ගැටළු වලින් පෙන්නුම් කරන්නේ රාජ්‍යයේ බිද වැටීමයි. ඉන්ධන වාහන අංක අනුව බෙදා හැරීම සහ QR කේතය භාවිතා කරමින් ඉන්ධන බෙදා හැරීම නිසා දැනට යම් ප්‍රමාණයක ක්‍රමානුකුල බවක් ඇතිවෙමින් පවතී. ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් සීයකට අඩුවෙන් පහළ වැටීම නිසා තාවකාලික සහනයක් ලබාගත හැකි වුවත් දිගින් දිගටම ණය මත තෙල් ලබාගත නොහැකිවනු ඇත.

මේ වන විට ප්‍රවාහන උද්ධමනය 128% කින් වැඩිවී ඇත.

Related Articles