කතෝලික පල්ලිය වෙනසක් පතයි

කතෝලික පල්ලිය වෙනසක් පතයි

හිටපු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය තවත් මාස හයකින් පසුව කළේ නම් එය වඩාත් වැදගත් වීමට ඉඩ තිබුනු බව කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී පැවසීය .
එසේ කලේ නම් නව පාලන තන්ත්‍රයක් යටතේ මේ විමර්ශන පැවැත්වීමට ඉඩ තිබුනු බවයි පියතුමන් පැවසුවේ .

 

දේශපාලන වාසි තකා විටින් විට පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කිරීම හැරෙන්නට වෙනත් යමක් සිදු නොවන හෙයින් මයිත්‍රීපාල සිරිසේන ගේ ප්‍රකාශය පිළිබඳව සාධාරණ විමර්ශනයක් අපේක්ෂා බලාපොරොත්තු විය නොහැකි බවයි සිරිල් ගාමිණී පියතුමන් පවසන්නේ .
නව පාලන තන්ත්‍රයක් යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන ආරම්භ කළ ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න වැනි නිලධාරීන් ගේ මුලිකත්වයෙන් විමර්ශන ආරම්භ කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැතැයි පියතුමන් පැවසුහ.

මයිත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයේ සුලමුල පිළිබඳව බොහෝ දේ දන්නා බව තමන්ද පිළිගන්නා නමුත් සති තුනකට පෙර දැන ගන්නට ලැබුණු ආකාරය පිළිගත නොහැකි බවත් ,ලැබුණු තොරතුරක් තිබුනේ නම් යන එන මග මධ්‍යය වේදීන් හමු වූ විට ඒ පිළබඳව පවසන්නේ නැතුව නිසි පිළිවෙලකට එය දැනුම් දියයුතු බව සිරිල් පියතුමන් පැවසුහ.

කතෝලික සභාව මැතිවරණයක් සඳහා බලපෑම් කළ හැකි ආයතනයකි . කතෝලික සභාව ඉත පැහැදිලිව වෙනත් පාලන තන්ත්‍රයක් පතන බව පැහැදිලිය.

 

Related Articles