වනිදුට තවත් තරඟ තහනමක්

වනිදුට තවත් තරඟ තහනමක්

 

වනිඳු හසරංග ක්‍රිකට් ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් වරදකරු බවට තීරණය කර තිබේ.

 

ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් පනවා ඇතැයි ICC ය නිවේදනය කළේය.

පසුගිය වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගෙන නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, බංගලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයට ඔහුගේ නම ඇතුළත් කර තිබුණි.

ඒ අනුව එම තරගාවලියට කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇත.

පසුගියදා නිමාවට පත් වූ බංගලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි එක්දින තරගයේදී හසරංග “අන්තර්ජාතික තරගයකදී විනිසුරුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම” සම්බන්ධ ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය කඩකිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇතැයි ICC ය නිවේදනය කළේය.

තරගයේ 37 වැනි ඕවරයේදී හසරංග එක් විනිසුරුවරයකුගෙන් තම තොප්පිය උදුරා ගැනීමත් සමඟ තරගයේ විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනාව එල්ල විය.

ඒම තරගය කඩුලු 4කින් ජයගත් බංග්ලාදේශය එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේය.

වනිඳුට සියයට 50 ක දඩයක් හිමි වූ අතර ඔහු කළ වරදට දඬුවම් ලකුණු තුනක් එකතු විය. ඒ අනුව මාස 24ක කාලයකදී ඔහුට ඒකතුවී ඇති දඬුවම් ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ යනු ඇත.

නව තරග තහනම සමග වනිඳු හසරංගට බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ටෙස්ට් තරග දෙක අහිමි වනු ඇත.

Related Articles