කතෝලික සභාව ටිරාන් අලස්ට පිළිතුරු දෙයි

කතෝලික සභාව ටිරාන් අලස්ට පිළිතුරු දෙයි

පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ ගැටලුව මත පදනම්ව ජාතිභේද, ආගම්භේද ඇවිස්සීමට උත්සාහ නොකරන ලෙස තමන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විමර්ශන වලින් 90% හමාර බව පැවසීම සත්‍ය නොවන බවයි.

ගැලනිගමදී බෝම්බ ලොරියක් පරීක්ෂා නොකර යැවීමට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුරකතන ඇමතුම සම්බන්ධයෙන් මේතාක් විමර්ශන කටයුතු සිදුවී නැති බවයි සිරිල් ගාමිණී පියතුමන් පවසන්නේ.

නිලන්ත ජයවර්ධන , දේශබන්දු තෙන්නකොන් සහ අලි සබ්රි යන අයගේ පත්වීම් වලට විරුද්ධ වුයේ ජාතිවාදී හෝ ආගම්වාදී පදනමක් මත නොව ඔවුන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් බැවි සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්හ.

Related Articles