කඳුකරයේ  ජලාශ  වාන්  දමයි…..

කඳුකරයේ ජලාශ වාන් දමයි…..

කාසල්රී ජලාශය පිටාර ගැලීමට පටන් ගෙන් ඇති අතර දින කිපය පුරා පැවති ධාරානිපාත වැස්ස දිගටම පැවතියහොත් ගං වතුර තත්වයක් ඇතිවීමට ඉඩ ඇත.

ජලාශ වේල්ල උස අඩි 155 ක් පමණ වන අතර පසුගිය දා ඊට ඉහලින් තවත් අඩි 4 ක පමණ උසක් ජලය රදවා ගැනීම සදහා විශේෂ වායු බැළුම් ආධාරයෙන් ක්‍රියාත්මක වන ගෙට්ටු පද්ධතියක් ද සවිකරන ලදී.

එම ගෙට්ටු පද්ධතියට ද ඉහලින් මෙලෙස අගලක පමණ ප්‍රමාණයකින් ජලය වාන් දමමින් පවතී. විමලසුරේන්ද්‍ර ජලාශය ඊයේ (03) සිට වාන් දමන බව ජලාශය භාර වාරි ඉංජිනේරුවන් පවසති.

විමලසුරේන්ද්‍ර.ලක්ෂපාන .නව ලක්ෂපාන .කැණියෝන් හා පොල්පිටිය යන ජල විදුලිය බලාගාර උපරිම ධාරිතාවට විදුලිය නිෂ්පාදනය කිරිමේ කටයුතු සිදු කරමින් තිබිය දීත් වාන් දැමීම සිදුවේ.

Related Articles