කරු ගෙන් රනිල්ට වෙට්ටුවක්

කරු ගෙන් රනිල්ට වෙට්ටුවක්

ජනාධිපතිවරණය කල් දමා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මැතිවරණ ක්‍රමය සංසෝධනය කිරීමේ නිරත වන බවට රාවයක් පැතිර යද්දී කරු ජයසුරිය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීමට ව්‍යවස්ථානුකූල ලෙස පියවර ගන්නා ලෙසයි.

ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවේ නම් එකී ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමින් 2024 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ රටේ අවසන් වරට පැවැත්වෙන ජනාධිපතිවරණය බවට රටට සහතිකයක් ලබා දෙන ලෙසත්, හිටපු කතානායක කරු ජයසූරිය මහතා රනිල් වික්‍රමසිංහට කියා සිටී.

මේ නිවේදනයේ යටි පෙළ අරුත වන්නේ නිසි කලට මැතිවරණය පවත්වන්න යන්නයි. පොදු අපේක්ෂකයෙක් පත් කොට ඔහු ලවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය නම් කරු ජයසුරිය හොඳ තේරීමක් බව බොහෝ දෙනා පිළිගනිති .

Related Articles