ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් සියදිවි නසාගැනීම්

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් සියදිවි නසාගැනීම්

ණය ගෙවාගත නොහැකි වූ පවුල්වල කාන්තාවන් දෙසීයකට වැඩි පිරිසක් පසුගිය වසර තුන තුලදී සියදිවි හානි කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (12) රැස්වූ පාර්ලිමේන්තුවේදී මූල්‍ය ණය ප්‍රශ්නය විවාදයට ගත් අවස්ථාවේදී යි.

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටු වීම සදහා වන පනත් කෙටුම්පත පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ගැසට් කරනු ලැබුවා.

මුදල් අමාත්‍යාංශය එහිදී සඳහන් කළේ මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම සහ ඒවායේ ගණුදෙනුකරුවන් ආරක්ෂා කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ බව ප්‍රකාශයට පත්ව තිබේ .

මේ සඳහා නිල බලයෙන් මහ භාණ්ඩාගාරයේ, මහ බැංකුවේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පත් වන අතර මුදල් අමාත්‍යවරයාට සහ මහ බැංකු අධිපතිවරයාට නියෝජිතයින් දෙදෙනෙකු බැගින් හතර දෙනෙකු පත් කිරීමට බලය පැවරීමට නියමිතය .

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට නියමිතය .මු දල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසන පරිදි මේ වන විට රට තුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11000ක් පමණ ක්‍රියාත්මක වුවද ඉන් ලියාපදිංචි කර ඇත්තේ පහක් පමණක් බවත් එබැවින් ඒවා දැඩි නියාමනයකට යටත් කළ යුතු බවත් එම පුවතේ සඳහන් වේ.

Related Articles