ජාතික ජන බලවේගය ප්‍රති ත්‍රස්ත පනතට අභියෝග කරයි

ජාතික ජන බලවේගය ප්‍රති ත්‍රස්ත පනතට අභියෝග කරයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ වගන්ති වලට අනුව පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් අත්තනෝමතික ලෙස රඳවා ගැනීමේ බලය ද ආරක්ෂක අංශ වෙත ලබා දී ඇති බව පෙත්සමේ චෝදනා කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කරමින් වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

ප්‍රතිත්‍රස්ත කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ම ප්‍රතිත්‍රස්ත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පෙත්සමේ සඳහන් වේ.

වගන්ති හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බව සිවිල් සංවිධාන ගණනාවක් විසින් මීට පෙර පෙන්වාදී තිබුනි .

පනත් කෙටුම්පතේ 16වැනි වගන්තියද දැඩිව විවේචනයට ලක්ව තිබෙන්නකි. මෙම වගන්තිය ප්‍රකාරව යම් ප්‍රදේශයකට ඇතුළත් වීම, යම් මාර්ගයක ගමන් කිරීම තහනම් කිරීම පවා තහනම් කිරීමට පොලිස් නිලධාරියකුට හැකියාව පවතින අතර, එම නියෝග නොපිළිපදින්නේ නම් ත්‍රස්වාදියෙක් ලෙස අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බව විවේචකයෝ පෙන්වාදෙති.

ආපහු වැඳගෙන ඇවිල්ලා කියනවා:

“ඔය විවේචනය ඉදිරිපත් කරන අය ඔය ඔක්කොම ආපහු යම් අවස්ථාවක පාස්කු ප්‍රහාරයක් වගේ දෙයක් සිද්ධවුණොත් ආපහු වැඳගෙන ඇවිල්ලා කියනවා ත්‍රස්ත පනත කරුණාකරලා ක්‍රියාත්මක කරන්න කියලා, ඔය කණ්ඩායම ම . මේක විවේචනය කරන අයගේ ජීවිත ආරක්ෂා කරන්න යි මේක තියෙන්නේ.” යැයි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.

සමස්තයක් ලෙස ගත කළ පවතින නීතිවලට වඩා මෙම පනත තුල මර්ධනකාරී බවක් ඇති බව නීතිවේදී ජගත් ලියනාරච්චි කියා සිටී.

Related Articles