නේපාලයේ හිටපු ක්‍රිකට් නායකයාට අට අවුරුදු සිර දඬුවමක්

හිටපු නේපාල ක්‍රිකට් නායක සන්දීප් ලමිචාන් ලිංගික අපරාධ චෝ දනාවකට වැරදිකරු වීම හේතුවෙන් අට අවුරුදු සිරදඬුවමක් නියම කොට ඇත්තේ කාලයක් තිස්සේ දික්‌ ඇදුනු නඩු විභාගයකින් අනතුරුවයි.

“උසාවිය ඔහුට වසර අටක සිරදඬුවමක් නියම කර ඇත,” කත්මණ්ඩු දිස්ත්‍රික් උසාවියේ නිලධාරියෙකු වන රාමු ෂර්මා පැවසීය.

ඔහුගේ ලිංගික අපරාධය හේතුවෙන් සිදුවූ වින්දිතයාට “මානසික බලපෑම” සඳහා වන්දි වශයෙන් නේපාල රුපියල් 300,000 ($ 2,255) සහ තවත් රුපියල් 200,000 ($ 1,500) දඩයක් වින්දිතයාට ගෙවන ලෙස සන්දීප් ලමිචාන්ට නියෝග කරන ලදී.

අත්අඩංගුවේ නොසිටින ලමිච්චනේ දඬුවම් නියම කිරීම සඳහා උසාවියේ සිටියේ නැත.

ඔහුගේ නීතීඥ සරෝජ් ගිමිරේ පවසන්නේ සන්දීප් ලමිචාන් ඉහළ උසාවියට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

දූෂණයට ලක්වන අවස්ථාවේ ඇය බාලවයස්කාර දැරියක් බව වින්දිත කාන්තාව පවසා ඇති නමුත් අධිකරණය මීට පෙර ලබා දුන් තීන්දුවේ සඳහන් කළේ ඇයගේ වයස අවුරුදු 18ක් බවයි.වින්දිතයාගේ ආධාරකරුවන් පවසන්නේ මෙම දඬුවම සාධරණය ඉටුවීමක් ලෙස සැලකිය හැකි බවයි . ලැබීය.

කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන හිමා බිස්ටා පැවසුවේ “මෙය හොඳ ආරංචියක්, ඇය දිගු සටනක නිරත වූවාය.” යනුවෙනි

ලමිචාන් ඔහුට එරෙහි චෝදනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ අතර චෝදනාව නොතකා ප්‍රබල මහජන සහයෝගයක් භුක්ති වින්දාදේය .

බලධාරීන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ විට, ඔහු කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩා කරමින් සිටි අතර ජැමෙයිකාවේ සිට ආපසු පැමිණීම ප්‍රමාද විය .

ඔහු ජාතික නායකයා ලෙසින් ඉවත් කර අත්අඩංගුවට ගනු ලැබූ නමුත් ඇප මත නිදහස් වූ පසු නේපාලය ඔහුගේ ක්‍රීඩා තහනම ඉවත් කළේය.

මෙය ඔහුට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සහ 2023 ආසියානු කුසලානය ඇතුළුව ජාතික කණ්ඩායමේ රැඳී සිටීමට ඉඩ ලබා දුන්නේය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඔහු මුලින්ම පිටියට පැමිණි විට ඔල්වරසන් දුන් ක්‍රිකට් ලෝලීන්
ඔහුව පිළිගත්තතේ මහත් හරසරින් .

 

ස්කොට්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ඩුබායි හි පැවති ජාත්‍යන්තර තරඟාවලියක් අතරතුර ඔහුට අතට අත දීම ප්‍රතික්ෂේප කළහ.

2018 දී ලෝක පාලක මණ්ඩලය විසින් නේපාලයට එක්දින ජාත්‍යන්තර තත්ත්වය ලබා දීමත් සමඟ ක්‍රීඩාව ජනප්‍රිය වෙමින් පවතී.

නේපාල පොලිසියට අනුව 2021-22 මුදල් වර්ෂය තුළ නේපාලයේ ස්ත්‍රී දූෂණ 2,300 ක් පමණ වාර්තා වී ඇති නමුත් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අය පවසන්නේ තවත් බොහෝ ලිංගික අපරාධ පහරදීම් වාර්තා වී නොමැති බවයි.

Related Articles