පඩි වැඩිවේ

පඩි වැඩිවේ

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමටත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබේ.

ජනවාරි මාසයේ සිට:

රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ජනාධිපතිවරයා විසින් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ

Related Articles