ටිරාන් සැණකෙළියේදී  අභියෝගය භාර ගනී

ටිරාන් සැණකෙළියේදී අභියෝගය භාර ගනී

පොඩි පහේ මත්ද්‍රවය භාවිතා කරනන් අත්අඩංගුවට නැතුව මහා පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නැයි කියමින් යුක්තිය මෙහෙයුම විවේචනය කරන පිරිස් එල්ල කළ අභියෝගය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් භාරගෙන ඇත.

විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මෙහෙයවන මහා පරිමාන ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ. මේ පාතාල සාමාජිකයන් වැඩි දෙනෙක් සිටින්නේ ඩුබායි රාජ්‍යයේය . ප්‍රංශයේ සිට ක්‍රියාත්මක පාතාල සාමාජිකයක් පිළිබඳව ආරංචි ලැබී ඇත .

කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශන සැණකෙළියේ සමාරම්භක උත්සවයට එක් වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

” මෙරට පාතාල සාමාජිකයන් වැඩි පිරිසක් සැඟවී සිටින්නේ ඩුබායි රාජ්‍යයේ. ඊට අමතරව ප්‍රංශයේ හා තවත් රටවල් රැසක් සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්‌ අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වන විට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උසාවියෙන් රතුවරෙන්තු පවා ලබාගෙන තිබෙනවා.” කෙසේ වෙතත් මේ ජාවාරම්කරුවන් ශ්‍රීලංකාවට ගෙනෙන දින වකවානු දැන ගන්නට නැත.

Related Articles