දයාසිරිත්  ජනපති සටනට

දයාසිරිත් ජනපති සටනට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු විටක සමඟි ජන බලවේගය සමඟ එක නොවන බව පවසන දයාසිරි ජයසේකර පවසන්නේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවයි. පවත්නා තත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂයෙකුට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීම දුෂ්කරය එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු චන්ද පදනම පාර්ලිමේන්තු මැතිවරනකය දී තීරණාත්මක සාධකයක් විය හැකිය . ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව පවසා පසුව සමඟි බලව්ගයට එක්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපක්‍රමය විය හැකි බව දේශපාලන විචාරකයින් පවසති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීපදෙනෙක් ඉදිරි දිනවල සමඟි ජන බලවේගය සමඟ එක්වීමට නියමිතය .හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමඟි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර සන්ධානයක් ගොඩ නැගීමේ උත්සහයක නිරතව සිටී.

Related Articles