වර්තමාන පාර්ලිමේන්තුවේ කලදසාව තීරණය වේ

වර්තමාන පාර්ලිමේන්තුවේ කලදසාව තීරණය වේ

වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය ඉතා කෙටි එකක් විය හැකිය. දැනට තිබෙන තක්සේරුව අනුව වර්තමාන බලතුලනය ඉක්මනින් වෙනස්වෙනු ඇත .මේ බල තුලනය හිමි පාර්ශව වන පොහොට්ටුව – සහ රනිල් වික්‍රමසිංහ ට ඇති හොඳම විකල්පය වන්නේ හැකි තාක් දුරට ජනාධිපති බලය පවත්වා ගෙන යෑමයි.

මේ සඳහා ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ආණ්ඩු පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවසන් තීන්දුවක් ගතහොත් පාර්ලිමේන්තුව ලබන වසරේ (2024) ජනවාරි මස දී විසුරුවා හැර ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර (අප්‍රේල්) පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට සජිත් ප්‍රේමදාස වටා ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 20කට අධික කණ්ඩායමක් ගොනු වෙනු ඇතැයි වාර්තාවේ. අනෙක් අතට අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගය වටා තරුණ චන්ද දායකයින් රැස් වීමත් සමඟ වර්තමාන බලතුලනය විශාල වශයෙන් වෙනස් බව පෙනෙන්ට තිබීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉක්මන් වීමට තවත් හේතුවකි.

Related Articles