බස්වල ලිංගික හිංසනය නවත්වන්න වෝකි ටෝකි

බස්වල ලිංගික හිංසනය නවත්වන්න වෝකි ටෝකි

බස්රථවල කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට සිදුවන හිංසන මෙන්ම වෙනත් වංචනික ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණින් බස්රථ සඳහා තාක්ෂණික මෙවලමක් හඳුන්වා දීමට පෞද්ගලික බස්රථ හිමියන් තීරණය කොට ඇත .

පෞද්ගලික බස්රථ හිමියන් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන අන්දමට :

“මේක වෝකි ටෝකි මාදිලියේ උපකරණයක්. බස් හිමියන්ට මෙම උපකරණය බස්රථය ඇතුළේ සවිකරන්නට පුළුවන්. එය අපි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට මෙන්ම ඒ ආසන්න පොලීසිවලට සම්බන්ධ කරන්නට තීරණය කරනවා. යම් ලෙසකින් බස් රථයක මෙවැනි හිංසාවන් කාන්තාවකට හෝ දරුවෙකුට සිදුවුවහොත් අදාළ මෙවලම හරහා ඇයට හෝ බස් රථයේ ගමන් කරනා මගියෙකුට දැනුම් දීමක් කළ හැකියි. ඒ අනුව ඔහු වෙනුවෙන් ඉතා ඉක්මණින් නීතියෙන් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබෙනවා.”

Related Articles