ළමුන් කෙළෙසීම දිගටම වැඩිවේ

ළමුන් කෙළෙසීම දිගටම වැඩිවේ

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ඉදිරිපත් කොට ඇති දත්ත වලට අනුව ලංකාවේ ළමා අපහරණ සිදුකිරීම් දිගින් දිගටම වැඩි වෙමින් පවතී. 2020 පළමු වන දවස් 60 තුළ ළමා අපහරණ පිළිබඳ පැමිණිලි 2 500ක් ජාතික ළමාරක්‍ෂණ අධිකාරියට ලැබිණ. ඒ අවුරුද්දේ ජූලි මාසය වනවිට මේ පැමිණිලි ගණන 5242 දක්වා ඉහළ ගොස් තිබිණ. ළමා රක්‍ෂණ අධිකාරියේ 1929 දරන හදිසි ඇමතුම් දුරකථනයට දිනකට ළමා අපහරණ පැමිණිලි 40ක් පමණ ලැබේ. වසර 2017 වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ දහ අවුරුද්දක් තිස්සේ ගොඩගැසී තිබූ ළමා අපහරණ සිදුවීම් සංඛ්‍යාව 17,000 කි.

2018 වන විට මේ ප්‍රමාණය 20,000ක් විය. ළමාරක්‍ෂණ අධිකාරිය විසින් කරන ලද සමීක්‍ෂණයකට අනුව මේ රටේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 80%ක් පමණ ජීවිතයේ එක අවස්ථාවකදී හෝ අපහරණයට පත්වී ඇත.

Related Articles