මවගේ ඝාතනයට දියණිය සැකපිට අත්අඩංගුවට

රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී 71 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් ගෙල කපා මරා තිබෙන බව පොලිසියට පැමිණිලි කළේ ඇගේ දියණියයි. අනතුරුව පොලිස් නිල සුනඛයින් පැමිණ ඉව ඔස්සේ කරුණු සොයද්දී වැටී තිබුණු ලේ තැවරුන අත් පළඳනාවක් හොයාගත හැකි විය.

පොලිස් නිල සුනඛයින් කෙලින්ම ගියේ දියණියගේ කාමරය වෙතයි. කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන සහකාරවරියක් ලෙස සේවය කරන දියණිය උපාධිධාරිනියකි.
ඇය දැන් සැකපිට අත්අඩංගුවේය.

Related Articles