තෙල් සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවන්න  සැලැස්මක් …

තෙල් සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවන්න සැලැස්මක් …

තෙල් සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවීම සඳහා ගෙවීමේ සැලැස්මක් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි .

තෙල් සැපයුම් කරුවන් සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවකින් අනතුරුව “ඉන්ධන සැපයීම සඳහා අදාළ සමාගම් වෙත ගෙවිය යුතු හිඟ ගෙවීම් සැලැස්මක් සහිතව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟ වී ඇති බව” ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එතෙක් පවතින මුදල්වලින් ඉන්ධන ආනයනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුදී ඇත. ජනාධිපතිතුමා ජුනි 27 වැනිදා ශ්‍රී ලංකාවට තෙල් සපයන ප්‍රධාන නියෝජිතයන්ගේ නියෝජිතයන් හමුවී ඇත.

“ඉන්ධන සැපයුම් නියෝජිතයින් විසින් ඉන්ධන සපයන මව් සමාගම්, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන සමඟ මහා බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම්වරයා අතර සෘජුව සම්බන්ධයක් තිබිය යුතු බව තෙල් සැපයුම්කරුවන් පෙන්වා දී ඇත .

“ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහ බැංකුවෙන් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මුදල් ලබාදීමට තීරණය වූ බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

ශ්‍රී ලංකාවේ රුපියල 200 සිට එක්සත් ජනපද ඩොලරයට 370 දක්වා පහත වැටී ඇති අතර, මුදල් මුද්‍රණය කිරීම දිගටම කරගෙන යෑම හේතුවෙන් ආර්ථික අර්බුදය තීව්‍ර වෙමින් පවතී.

Related Articles