තෝරු මෝරු තවමත් නිදැල්ලේ ද ?

තෝරු මෝරු තවමත් නිදැල්ලේ ද ?

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා එළැඹෙන 29 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර කොට තිබෙන්නේ මේ වංචාවට සම්බන්ධ සෞක්‍යය අමාත්‍යංශ නිලධාරීන් අත්අඩංගුවට නොගන්නේ මන්ද යන්න පිළිබඳව මාධ්‍ය සහ සමාජයෙන් දැඩි ප්‍රශ්න කිරීම් සිදුවීමෙන් අනතුරුවයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත් මෙම පිරිස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සමාගමේ හිමිකරු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි. ගැටලුව වන්නේ මේ අයට අමතරව තවත් සැකකරුවන් සිටීද යන්නයි .

විත්තියේ නීතිවේදී කාලිංග ඉන්ද්‍රතිස්ස පවසන් ආකාරයට නම් තෝරු මෝරු රැසක් මේ හෙන ගහන අපරාධයට හවුල්ය ,එසේ නම් මේ හාල් මැස්සන්ද ?

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

Related Articles