මරණයේ දිගු සෙවනැලි මතුකරන කොක්කුතුඩුවායි සමූහ මිනිවළ

මරණයේ දිගු සෙවනැලි මතුකරන කොක්කුතුඩුවායි සමූහ මිනිවළ

මුලතිව් කොක්කුතුඩුවායි යනු දුරබැහැර ප්‍රදේශයකි .මීට වසර කීපයකට පෙර කඩිමුඩියේ ඩෝසර් කෙරුණු සමුහ මිනී වලක වල දැමුනු සිරුරු වලට් කීමට යමක් ඇත්ද ? ඊටත් වඩා මේ සිරුරු වල ඇට සැකිලි වලට කීමට තිබෙන කථාව ඇසීමට කෙනෙක් සිටීද?

මෙරට උතුරේත් -දකුණේත් අතුරුදහන් වුවන් ගේ නෑසියන් තවමත් දුරකින් ඇසෙන දොන්කාරයකි. මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ ආශ්‍රිතව තෙවැනි අදියරේ කැනීම් දැන් ආරම්භ වී ඇත.

දැනට කොක්කුතුඩුවායි කැණීම්:මිනිවළ තුළින් හමුවු පූර්ණ මිනිස් අස්ථී කූඩු ගණන 17 ක් හමුවී ඇත. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස මාස දෙකක් තිස්සේ කළ සාක්ෂි විශ්ලේෂණයෙන් පසුවයි මේ කැනීම් ආරම්භ වී ඇත්තේ ය පවසයි. අස්ථි කූඩු අවිධිමත් ලෙසට වළට දමා ඇති බව නිරීක්ෂණය වේ.

පතුරම් උණ්ඩ, එල් ටි ටි සංවිධානයේ සාමාජිකයින් ගේ අංක තහඩු පහක්, අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, සහ ආරක්ෂක අංශ භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුව තිබේ.

මේ කැනීම වියදම් සහගත එකකි .සති තුනක වියදම රුපියල් ලක්ෂ 57 කි. ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජල නළ එලීමට ගිය අවස්ථාවකදීයි මුලින්ම ඇටකටු හමුවුනේ.

Related Articles