දස හැවිරිදි ගැහැණු දරුවකු අපයෝජනය කර ඝාතනය කරලා

දස හැවිරිදි ගැහැණු දරුවකු අපයෝජනය කර ඝාතනය කරලා

තලෙයිමන්නාරම, උ‍ෟරුමලෙයි ප්‍රදේශයේ දස හැවිරිදි ගැහැණු දරුවකු අපයෝජනය කර ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු සැකපිට අද(16) උදෑසන අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිය කියයි.

ගැහැණු දරුවකු අතුරුදහන්වීමක් පිළිබඳ තලෙයිමන්නාරම පොලිසිය ට පෙරේදා ලැබුණ පැමිණිල්ලක් අනුව ප්‍රදේශවාසීන් හා එක්ව ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී දැරියගේ ් නිවස අ‍ාසන්නයේ පොල් වත්තක් තුල තිබී ඝාතනය කළ සිරුර හමුවූ බව පොලිසිය පැවසීය.

එලෙස ඝාතනය කොට අ‍ැත්තෙ තලෙයිමන්නාරම, උ‍ෟරුමලෙයි හි පදිංචි දස හැවිරිදි ගැහැණු දරුවෙකි..

සැකකරු ත්‍රිකුණාමලයේ පදිංචි අවුරුදු 55 වයසැති පුද්ගලයෙකි. ඔහු ප්‍රදේශයේ ඉඩම් හිමි අයකුගේ වත්තක් මුරකිරීම සදහා පැමිණි අයකු බවට අනාවරණයවූ අනාවරණයවූ බවත් පැවසීය.

දැරිය දිවා කාලයේ අසළ වෙළෙදසැළකට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී අතුරුදහන්ව අ‍ැති බවත් මිත්තණිය විසින් රාත්‍රිය වනතෙක් දැරිය සොයා අ‍ැති අතර අනතුරුව පොලිසියට පැමිණිලි කොට අ‍ැති බවත් පොලිසිය පැවසීය.

දැරිය ඝාතනය කළ අයුරු මෙතෙක් අනාවරණය නොවූ බවත් ගෙල සිරකර ඝාතනය කරන්නට අ‍ැති බවට සැකපලකරන බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.ඝාතකයාට නිසි දඩුවම් පමුණුවන්නැයි ඔවුහු කියති.

(ලංකාදීප ඇසුරෙන් )

Related Articles