‘බුද්ධා බෝයි’ පොලිස් අත්අඩංගුවේ

‘බුද්ධා බෝයි’ පොලිස් අත්අඩංගුවේ

බුද්ධා බෝයි ලෙස ලොව ප්‍රකට වූ නේපාලයේ රාම් බහදූර් බොම්ජන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම තම ආශ්‍රමයේ සිටින පුද්ගලයන්ට පහරදීම මෙන්ම සිව්දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වී තිබේ.

ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ නේපාල පොලිසිය මෙම 34 හැවිරිදි පුද්ගලයා කත්මන්ඩු නගරයට ආසන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ද ඔහු පලායෑමට උත්සාහ ගෙන තිබේ. රාම් බහදූර් බොම්ජන් මුලින්ම ලාමා වරයෙක් ලෙස පැවිදිවීමට ගිය නමුත් එතැනින් පලා ගිය ඔහු භාවනායෝගීව සිටින පුවත් වාර්තා වන්නට පටන් ගත්තේය . ආරක්ෂකයින් පිරිවරා ගත් රාම් බහදූර් බොම්ජන් ඉතා බලවත් පුද්ගලයෙකු බවට පත් වූ ඔහු ඔහුගේම ආගමක් සංවිධානය කරගත්තේ තමන් සිල්වත් තපස් වරයෙක් බවට කියා පාමිනි.

 

කත්මණ්ඩු අගනුවරට දකුණින් පිහිටි බාරා දිස්ත්‍රික්කයේ ඔහුගේ ආශ්‍රමයේ සිටි බාල දැරියක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2020 දී ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබුණු නමුත් වසර 04 පුරා ඔහු පොලිසියෙන් සැඟවී සිටියේය.

ඔහුගේ නිවසේ තිබී ජංගම දුරකථන දුසිමකට වැඩි ප්‍රමාණයක්, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් පරිගණක පහක් සහ ඩොලර් ලක්ෂ දෙකකට අධික විදේශ මුදල් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කර තිබේ.කාලාන්තරයක් තිස්සේ ඔහු ගේ අපයෝජන සහ පහරදීම් ගැන පැමිණිලි ලැබුන නමුත් පොලීසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය

Related Articles