ජුලි චන්ග් දේශපාලන භූමිකාව-මාලිමාව කරකවයිද?

ජුලි චන්ග් දේශපාලන භූමිකාව-මාලිමාව කරකවයිද?

රට කොයි තරම් බලවත් වුනත් රටේ දේශපාලනයට තානපති වරයෙක් කෙළින්ම අතදාන්නේ කලාතුරකිනි එහෙත් ඇමරිකානු තානපතිනිය ගේ බලපෑම ඊට මඳක් වෙනස් බව වාර්තා වෙමින් පවතී.

එක් පිළකට කෙලින්ම සහයෝගය දෙනවාට වඩා පවතින තත්වය මෙන්ම ඉදිරියේදී ඇති විය හැකි තත්වයන් කළමනාකරණය කරගැනීම සඳහා හැම පැත්තටම විහිදෙන මෙහෙයුමක් ඇය විසින් ගෙනියන බවයි දේශපාලන විචාර කයින් පවසන්නේ .

එක් පසකින් මහාචාර්ය ජී එල් පීරිස් හරහා සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ එක කළ හැකිදැයි සොයා බලන බව දැන ගන්නට තිබේ .
පසු ගියදා මහාචාර්ය ජී එල් පීරිස් ගේ නිවසේදී පැවති භෝජන සංග්‍රහය සඳහා සජිත් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ මෙන්ම ඇමරිකානු තානපතිනිය ද සහභාගී වුහ.

පළමු උත්සාහය අසාර්ථකයි:

සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ සමඟ එකතුවීම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කොට තිබේ . ඒ අනුව ජුලි චෑන්ග් ගේ පළමු උත්සාහය අසාර්ථක වී තිබේ . එහෙත් ඇය උත්සාහය ඇත නොහරිනු ඇත.

දනට තිබෙන තත්වය අනුව මලිමාවට රටේ දේශපාලනයේ පළමු තැනට පත්වීමේ ඉඩකඩ සම්පුර්ණයෙන්ම බැහැර කළ නොහැකි බැවින් ඔවුන් හා ඇයි හොඳයියක් පවත්වා ගෙන යෑමේ වැදගත්කම ජුලි චෑන්ග් වටහා ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ.

 

මුලික වෙනස්කම්:

මාලිමාව බලයට පත්වීම යනු එය තවත් පක්ෂයක් බලයට පත් වීම හා සමාන නොවන බව ඇමරිකාව දනී .මන්ද යත් මාලිමාව වටා සිටින සමාජ බලවේග මුලික සමාජ වෙනස්කම් රැසක් ඉල්ලා සිටින බැවිනි .

නිදර්ශනයක් දක්වතොත් නිදොස් කොට නිදහස් වූ දුෂිතයින් සම්බන්ධයෙන් මාලිමාව පියවර ගන්නා බව පවසා ඇත .
මීට පෙර යහ පාලන ආණ්ඩුව මෙන්ම චන්ද්‍රිකා ආණ්ඩුවත් පැවසුවේ දුෂිතයින්ට ජම්පර අන්දවන බවයි . ඒ වෙනුවට
ඔවුන් කළේ දුෂිතයින් නැලවීමයි . සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ බලයට පත්වුවහොත් එතරම් ගැටළුවක් ඇතිවන්නේ නැත .මන්ද ඔවුන් කරන්නේ ප්‍රතිසංස්කරණය. ඔවුන්ගේ පාක්ෂිකයින් මුලික වෙනස්කම් බලාපොරොත්තු වන්නේ නැත. යහ පාලනය දුෂිතයින් සම්බන්ධයෙන් පියවර නොගැනීම පිළිබඳව පාක්ෂිකයින් තුල කලකරීමක් ඇති කළද එය යහ පාලන ආණ්ඩුව පරාජය කරන ප්‍රධාන සාධකය බවට පත් වූ යේ නැත .

ජනතාව බලාපොරොත්තු වන මුලික වෙනස්කම් නොකළහොත් මාලිමාවේ පැවැත්ම තීරණාත්මක ලෙස අභියෝගයට ලක් වෙනු ඇත. අනෙක් අතට මාලිමාව කර ඇදෙන පාවෙන ඡන්ද වෙතින් මාලිමාවට ලැබෙන්නේ කොන්දේසි විරහිත සහයෝගයක් නොව විවේචනාත්මක සහයෝගයකි.

මුලික වෙනස්කම් කරන්නට යන පක්ෂයක් සමඟ කටයුතු කිරීම පහසු නැති බව ඇමරිකාව දනී . මේ නිසා මලිමාවේ හා හොඳ හොත් තබා ගැනීම වැදගත් වන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රයෝගික පියවර ගැනීමට ඇමරිකාව පසුබට නොවනු ඇත .
පසු ගිය දා ඇමරිකාවේ දේශපාලන කටයුතු වල නිරත වීම සඳහා අනුර කුමාර දිසානායකට වීසා ලබා දීම ඒ පිලිබඳ ව ඉඟියකි .

මීට මාස කීපයකට් පෙර ජුලි චංග් අනුර කුමාර දිසානායක හමුවීම සඳහා පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය වෙතට ගියේ රටේ දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටය .

ජාත්‍යන්තර බලතුලනයන්:

අනෙක් අතට මාලිමාව මේ වන විට ජාත්‍යන්තර බලතුලනයන් හොඳින් තේරුම් ගෙන ඇති දේශපාලන ව්‍යාපාරකි .අනෙක් අතට ඔවුන් කතා කරන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ඇමරිකාවට , බටහිරට හෝ ඉන්දියාවට ගැටළුවක් ති බිය නොහැක .ඇමරිකානු තානාපතිය හමුවීමෙන් ටික දිනකට පසුව අනුර කුමාර දිසානායක එවකට ඉන්දියානු තානාපතිව සිටි ගෝපාල් බාග්ලේ හමුවීමට අමතක නොකළ අතර නවසීලන්ත තානාපතිවරයා පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය වෙතට පැමිණියේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත දුත පිරිසද පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය වෙත ගොඩ වීමට අමතක කළේ නැත .මීළඟ ට චීන තානාපතිවරයා පැලවත්තට පැමිණියහොත් පුදුමයට පත්වීමට කාරණයක් නැත . මෙහෙයින් ජුලි චැන්ග් අනෙකුත් බලවේග තුලනය කරගන්නා ගමන් මාලිමාවට තම සහයෝගය ලබා දීමට ඉඩ තිබෙන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

Related Articles