දුමින්දට සමාව අවලංගු කිරීම: “ජනාධිපති සමාව” අපයෝජනයට ලක්වෙලාද?

දුමින්දට සමාව අවලංගු කිරීම: “ජනාධිපති සමාව” අපයෝජනයට ලක්වෙලාද?

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිසි ක්‍රියාපිළිවෙත් නොසලකා හැර ක්‍රියා කොට ඇති බව දැන් හෙළිදරව් වී ඇත. මෙම තීන්දුව ජනාධිපති සමාව පිළිබඳව බරපතල රැසක් මතු කරයි. ජනාධිපති සමාවක් වලංගු නොවන බවට ඒකමතික අධිකරණ තීන්දුවක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

දේශපාලන ප්‍රතිවාදියෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ මරණය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට මරණ දඩුවම නියම කළ විනිසුරුවරුන්ගේ අදහස් හිටපු ජනාධිපතිවරයා නොසලකා හැර ඇත .

දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම කළ මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙසේ ලිවීය.

“සිරකරුවා දේශපාලඥයෙක් බව මට වැටහී යන අතර . ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දේශපාලකයෙකුගේ කාර්යභාරය වන්නේ සේසන්ට නායකත්වය දීම සහ හැසිරීමෙන් අන් අයට ආදර්ශයක් දීමයි. මෙම සිද්ධියේදී පුද්ගලයින් 4 දෙනෙකු ඝාතනය කර තවත් අයෙකු ඝාතනය කිරීමට තැත් කර ඇත. නීතිවිරෝධී ගිනි අවියක්ද ළඟ තබා ගෙන ඇත.මගේ මතයට අනුව, මෙම සිරකරුවා සඳහා සමාවක් සලක බැලීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සම්මතයන්ට නොගැලපේ.ඉහත කරුණු අනුව, කිසිදු සමාවක් දැනට සලකා බැලීමට මම නිර්දේශ නොකරමි.කෙසේ වෙතත්, පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභිමතය පරිදි, මම එය ඔබතුමාට භාර කරමි.

අනෙක් මහාධිකරණ විනිසුරුවරිය වන දැනට විශ්‍රාමික පද්මිණී එන්.ආර්.ගුණතිලක මහත්මිය ද එවැනිම මතයක් දැරූ අතර හිටපු ජනාධිපතිවරයාට තම මතය ප්‍රකාශ කළ අතර එයද නොසලකා හරින ලදී. “දුමින්ද සිල්වා මහතා නිවැරදිව හා නීත්‍යානුකූල ආකාරයකට වරදකරු කොට මරණ දණ්ඩනය නියම කර ඇති බව මගේ අදහසයි. එබැවින් ඔහුට අතිගරු ජනාධිපතිතුමා විසින් සමාව දෙන ලෙස මට නිර්දේශ කළ නොහැක.” යයි ඇය පැවසුවාය .

2021 ජුනි 24 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ජනාධිපති සමාව යටතේ දුමින්ද සිල්වා නිදහස් කරන ලද අතර පසුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත් කරන ලදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලට් දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ අතර තමන්ට මනාප, අය තෝරා බේරා සමාව දීමට කටයුතු කරන බවයි මිචෙල් බැචලට් පැවසුවේ .

ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, දුමින්ද සිල්වාගේ සමාව උසාවියේදී අභියෝගයට ලක්කිරීමේ වගකීම භාරගෙන තම මව සහ නීතිඥවරියක වූ පවුලේ හිතවතෙකු සමඟ නඩුව ගොනු කළාය.

ජනාධිපත් සමාව අවලංගු කිරීමෙන් පැය කිහිපයකට පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, “ ධනය සහ දේශපාලන බලය අභිබවා සත්‍යය සැමදා ජයග්‍රහණය කරන බව අධිකරණ තීන්දුවෙන් සනාථ වේ” යනුවෙනි.
දුමින්ද සිල්වා සහ තම පියා අතර පැවති අමනාපකම් දුරදිග යාමට ඉඩ හැර එය තම වාසියට යොදා ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද ඇය සඳහන් කළාය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය පියාට සාධාරණය ඉටුකළ “යකඩ ගැහැනියක්” ලෙස බොහෝ සමාජ මාධ්‍ය පෝස්ට් වල සඳහන් වේ ඇත .

“මිරුසුවිල් සංහාරය”

2000 වසරේ මිරුසුවිල් ප්‍රදේශයේදී පුද්ගලයන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවෙකු වූ හිටපු ලාන්ස් කෝප්‍රල් සුනිල් රත්නායක මහතාට 2020 මාර්තු 26 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබා දෙන ලදී. 2015 ජුනි මාසයේදී කොළඹ මහාධිකරණය
“මිරුසුවිල් සංහාරයට” වරදකරු වූ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය සම්බන්ධයෙන් ගෝලීය මානව හිමිකම් කණ්ඩායම, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිය කනස්සල්ල සහ අප්‍රසාදය පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් දුමින්ද සිල්වා ජනාධිපති සමාව අවලංගු කිරීමේ තීන්දුවේ වැදගත්කම පෙන්වා දෙමින් කියා සිටියේ “ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති සමාව වලංගු නොවන බවට අධිකරණය තීන්දු කර තිබෙනවා. තවත් සමහර නඩු විභාග වෙමින් පවතින නිසා මෙය සතුටුදායක තත්ත්වයක්. මිරුසුවිල් සමූල ඝාතනයට වගකිව යුතු මිනීමරු සුනිල් රත්නායකට දුන් සමාවටත් අපි අභියෝග කරනවා.” යනුවෙනි .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිය ධුර කාලය තුළ ආන්දෝලනාත්මක ජනාධිපති සමාව දෙකක් ලබා දුන්නේය. 2019 මැයි මාසයේදී ඔහු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබා දුන්නේය. 2018 අගෝස්තු මාසයේදී අභියාචනාධිකරණය විසින් පනවන ලද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත උන්වහන්සේ වසර හයක සිර දඬුවමක් විඳිමින් සිටියහ.

2012 වසරේ අභියාචනාධිකරණය විසින් රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනයට නියම වූ දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහට 2019 නොවැම්බර් 9 වැනි දින ජනාධිපති සිරිසේන විසින් දෙවන ආන්දෝලනාත්මක සමාව ලබා දෙන ලදී. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් විසින් සකස් කරන ලද වාර්තා සලකා බැලීම ඇතුළුව බෞද්ධ පූජකවරුන් සහ අනෙකුත් පාර්ශ්ව විසින් කරන ලද ඉල්ලීම් මත ජනාධිපතිවරයාගේ සමාව ලබා දී ඇති බව වාර්තා වේ. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරිය වන කැරොලයින් ජොන්සන් පැවසුවේ ඝාතකයා කිසිදු පසුතැවිල්ලක් නොදැක්වූ බවයි. ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාලය හරහා මෙම පියවර විවේචනය කළහ.

සංවරණ සහ තුලන :

Black’s Law Dictionary හි “සමාව” නිර්වචනය කරන්නේ වරදකට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට විධායක අධිකාරිය විසින් ලබා දෙන “කරුණාවේ ක්‍රියාවක්” ලෙසයි, එය ඔහුගේ වරදකරු වීමෙන් පසුව ඔහුට පනවා ඇති නීතිමය දඬුවමෙන් ඔහු නිදහස් කරයි.
සමාව දීමේ බලය විධායකයට පැවරී ඇත්තේ අධිකරණයේ බලතල පිළිබඳව ආණ්ඩු ක්‍රමයේ සංවරණ සහ තුලන ක්‍රියවලිය පවත්වා ගෙන යෑමට යැයි තර්ක කළ හැකිය . ඒ අනුව අධිකරණයට , ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට හිතු මතේ කටයුතු කිරීමට තිබෙන ඉඩකඩ ඇහිරීයයි . කෙසේ වෙතත් ජනාධිපති සමාව ලබා දී ඇත්තේ සංවරණ සහ තුලන මුලධර්ම වලට අනුවද එසේ නැතිනම් හුදු අත්තනෝමතික අභිමතයට ද යන්න ගැටළුවකි .

විධායක බලය පාලනයකින් තොරව භාවිතා කිරීම අපයෝජනයකි. දුමින්ද සිල්වාගේ සමාව අවලංගු කිරීම සහ අනෙකුත් ආන්දෝලනාත්මක සමාව දීම් නීතිමය අභියෝග මතු කරයි . ශ්‍රී ලංකාව තුළ සමාව ලබාදීම සඳහා වඩා විනිවිදභාවයෙන් යුත් සහ වගවීම සහිත ක්‍රමවේදයක අවශ්‍යතාවය අවධාරණය කල යුතු බව පෙනෙන්ට තිබේ.  නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් සහ වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමාව දීමේ බලය සාධාරණව සහ යුක්තිසහගතව භාවිතා කිරීම සහතික කර ගත යුතුව ඇත.

Related Articles