යුක්තිය මෙහෙයුමට මල්වතු – අස්ගිරි ආශීර්වාද

යුක්තිය මෙහෙයුමට මල්වතු – අස්ගිරි ආශීර්වාද

මේ වන විට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් විසි දහසක් පමණ අත්අඩංගුවට පත්ව සිටින යුක්තිය මෙහෙයුම පිළබඳව කරුණු පැහැදිලි කොට ආශීර්වාද ලබා ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත් වලට එක්වීමෙන් අනතුරුව අස්ගිරි සහ මල්වතු මහා විහාරවාසී මහා සංඝරත්නය බැහැ දුටුවේය දැක ආශිර්වාද ලබා ගැනීමට එක් විය.

එහිදී ඇමැතිවරයා වෙත ආශිර්වාද කරමින් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි පවසා ඇත්තේ ” මෙලෙස අනුශාසනා කළහ.

“මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබතුමා මේ රටේ ආරක්ෂක අංශයේ විශාල පරිවර්තනයක්‌ සිදු කළා. තවදුරටත් එය සිදු කෙරෙමින් පවතිනවා. එය රටට විශාල ආශිර්වාදයක්. ඩුබායි වැනි රටවල සිට මෙහෙයවන මෙරට ඝාතන ඇතුළු පාතාල ක්‍රියාකාරකම් මර්දනය කවුරුන් විසින් හෝ මූලික වී සිදු කළ යුතුයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලූම දෙනා ඒ වෙනුවෙන් කැපවී සිටියත් ඒ සඳහා ශක්තිමත් මග පෙන්වන්නෙකු සිටිය යුතුයි” යනුවෙනි .

“ බාධාවන් හමුවේ වුවත් නොනැවතී අඛණ්ඩව මෙම මෙහෙයුම් ඉදිරියට කරගෙන යන අතර ඩුබායි රාජ්‍යයත් සමඟ සාකච්ඡා කරමින් එරට සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ. මේ අතර වාරේ යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි.

යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාව පවසන්නේ මත්ද්‍රව්‍ය සමාජයට දැවෙන ප්‍රශ්නයක් වුවද එය මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි.

Related Articles