දේවගැති ජෙරම්ට අනුගාමිකයින් ගේ  හරසර

දේවගැති ජෙරම්ට අනුගාමිකයින් ගේ හරසර

අනෙක් ආගම් ගැන අසංවේදී ආකාරයට කරුණු දැක්වීම පිළබඳව බන්ධනාගර ගතව ඇප පිට නිදහස් වූ ජෙරොම් ප්‍රනාන්දු පාස්ටර් වරයාට ඔහුගේ අනුගාමිකයින් ගේ මහත් හරසර හිමිව තිබේ.

තමන් දිගටම බන්ධනාගාරයේ ආහාර ලබා ගත බවත් ලැබුනු මෙට්ට්ටය ත්‍රස්තවාදී ක්‍රියා පිළබඳව චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට ලබා දුන් බව ඔහු පැවසුවේය .

තමන්ගේ ගිණුම් ගැන හොයා බල ඇති හෙයින් තමන්ගේ නිර්දෝෂී බව මේ වන විට සනාථ වී ඇති බව ඔහු පැවසුවේය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශනයක් සිදු කරන බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබුනි.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයට ඇප ලැබී තිබුනේ දැඩි කොන්දේසි මතයි.

Related Articles