නිමක් නැති ඉන්දන පෝලිම් වල මරණ…..

නිමක් නැති ඉන්දන පෝලිම් වල මරණ…..

ඉන්ධන පෝලිම් වලින් තවත් පුද්ගලය මරණ 02 ක් වාර්තා වි ඇත. පයාගල සහ බම්මබලපිටිය ප්‍රදේශවලින් වාර්තා වූ මෙම මරණ සමග දැනට ඉන්දන පෝලිම් වල මරණ 16ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට පෝලිම් වල සිදුවෙන මරණ ඉහළ යෑමේ ප්‍රවනතාවක් ඇතිවී තිබේ.

පයාගල පිහිටි ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටියදී ජංගම අයිස් ක්‍රීම් අලෙවි රථයක රියදුරු මියගොස් ඇති අතර ඔහුගේ වයස අවරුදු හැටකි . ඔහු මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු දින තුනක් තිස්සේ පෝලිමේ සිටි අතර අලුයම 1.30 ට පමණ හදිසියේ අසනීපවී ඇති අතර ත්‍රීරෝද රථයකින් ඔහු කළුතර දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යන අතර මගදී ඔහු මිය ගොස් ඇත.

බම්බලපිටිය පිරවුම්හලක පෝලිමක සිටියදී වැලිකඩ පදිංචි සිව් දරු පියෙක් හෘදයාබාධයකින් අද අලුයම මිය ගොස් ඇත. 60 හැවිරිදි එම පුද්ගලයා පුත්තලමේ පදිංචිකරුවෙකි. රාජගිරිය පොලිස් වසමේ ඔබේසේකරපුර ප්‍රදේශයේ සිය දියණියගේ නිවසේ ඔහු වාසය කර තිබේ. රෝගීව සිටින මුණුපුරා රෝහලට රැගෙන යෑම සඳහා මේ පුද්ගලයා තෙල් පෝලිමට එක්වූ බව මරණ පරීක්ෂනයේදී හෙළිදරව් වී ඇත.

විවිධ පෝලිම් වල සිටින ජනතාවට අවම වශයෙන් කඩිනම් සුව සේවා සැපයීමට වැඩපිළිවලක් සම්පාදනය කල යුතු බව ජනතාව කියා සිටිති.

Related Articles