පාර්ලිමේන්තු මැතිවරණයක් අත්‍යාවශ්‍යයි – මහින්ද දේශප්‍රිය…

පාර්ලිමේන්තු මැතිවරණයක් අත්‍යාවශ්‍යයි – මහින්ද දේශප්‍රිය…

පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉක්මනින්ම නව ජනවරමකට ඉඩ දිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කරයි. මේ වන විට පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහා මැතිවරණය මගින් ලබා දී තිබූ ජනවරම අහිමි වී ඇති නිසා ඉක්මන් පාර්ලිමේන්තු මැති වරණයක් හැර අන් විකල්පයක් නැතැයි මහින්ද දේශප්‍රිය පෙන්වා දෙයි.

මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට මුදල් හිඟයක් ඇති නිසා ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැත යන මතයේ සත්‍යතාවක් නැති බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා මැතිවරණ පැවැත්වීමට ජාත්‍යන්තර අරමුදල් ලබාගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය යන රටවල් අන්තර් ජාතික ආධාර ලබාගෙන මැතිවරණ පැවැත්වූ බවයි මහින්ද දේශප්‍රිය පවසන්නේ.

රාජ්‍ය නිලධාරීන් කිසිදු දීමනාවක් නොගෙන මැතිවරණ රාජකාරියේ යෙදීමට සූදානමින් සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යනවා නම් රුපියල් කෝටි 1000ක පමණ මුදලක් වැයවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. එහෙයින් අන්තර් කාලීන වැඩ පිළිවෙලකට යෑම වඩා අර්ථාන්විත බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Related Articles