පැතුම් නිස්සංක ද්විත්ව ශතකය

පැතුම් නිස්සංක ද්විත්ව ශතකය

මෙරට ක්‍රිකට් වංශකතාවට නව පරිච්ජේදයක් එක් කිරීමට පැතුම් නිස්සංක අද (පෙබරවාරි 09 වෙනිදා) සමත් විය.

ඒ, එක්දින තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකය රැස් කළ පළමු පිතිකරුවා ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයක ඉනිමක දී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක අද සමත් විය.

පැතුම් නිශ්ශංක 1998 මැයි 18 වන දින ගාල්ලේදී උපත ලැබීය. ඔහුගේ පියා සුනිල් සිල්වා ‘ග්‍රවුන්ඩ් බෝයි’ කෙනෙකු ලෙස සේවය කළ අයකු වන අතර ඔහුගේ ආදායම අඩු මට්ටමක තිබුණ බව පැතුම් පවසා තිබුණි. පැතුම්ගේ අම්මා කළුතර පන්සල ළඟ මල් විකුණු බවද ඔහු මෙනෙහි කරයි. මුල් ළමාවියේදී ඔහු හැදී වැඩුණේ දුප්පත් පවුල් පසුබිමක ය. ඔහුගේ ක්‍රිකට් දිවිය ආරම්භ කළේ කළුතර විද්‍යාලයෙනි . ඔහු පාසල් ක්‍රිකට් ශූරතාවලියේදී කොළඹ කෝල්ට්ස් පිටියේදී රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව පන්දු 190කදී නොදැවී ද්විත්ව ශතකයක් (205) රැස් කළේය. ඔහු 2017 මාර්තු 17 වන දින 2016-17 දිස්ත්‍රික්ක එක්දින තරඟාවලියේදී හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔහුගේ පළමු List A තරඟයට පිවිසියේය ඔහු 2018 පෙබරවාරි බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය මංගල විස්සයි20 ක්‍රීඩා කළේය.
මෑත කාලීන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇදවැටීම බේරාගන්නට ජවයක් සහිත විශ්වාසවන්ත ක්‍රීඩකයෙකු බවට ඔහු සෙමින් සිය හැකියාව ගොඩනගාගෙන තිබේ.

 

 

 

Related Articles