පියල් නිශාන්ත කප්පම් ගැන විමර්ශන ?

පියල් නිශාන්ත කප්පම් ගැන විමර්ශන ?

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි ගෙන් කප්පම් ඉල්ලා සිටි බවට කෙරෙන චෝදනා පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට තීරණය කොට ඇත

මෙම තීරණය ගෙන ඇත්තේ සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි ජනාධිපතිවරයාට ලිපියකින් කරුණු දක්වා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි .

අල්ලස් නොදුන් විට ධීවර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මරණීය තර්ජන එල්ල කරන බවයි ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි පවසන්නේ .

සී-නෝර් පදනමට සේවකයන් 22 කක බඳවා ගෙන අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කිරීම , බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා සිටීම හේතුවෙන් චිත්ත පීඩාවකට පත් වූ තමන් ඉල්ලා අස්වන බවයි ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි ජනාධිපතිට දන්වා ඇත්තේ.

මීට පෙර සතොස සභාපතිවරයා  බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ගේ බලපෑම් සම්බන්ධයෙන් මේ ආකාරයට චෝදනා කොට ඉල්ලා අස්ව ගියත් ඒ පිළිබඳව සිදුවූ විමර්ශනයක් ගැන දැනගන්නට නැත.

Related Articles