IPL අහිමි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්

IPL අහිමි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්

ආබාධ හේතුවෙන් IPL අහිමි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්

ආබාධයන්ට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හට මෙවර IPL තරගාවලියට ක්‍රීඩා කිරීමට ඉඩ නොදීමට ශ්‍රීලංකා ක්‍රිකට් තීරණය කොට තිබේ.

සිම්බාබ්වේ, ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශ සංචාර අතර වාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මධුෂංක, මතිෂ පතිරණ , දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග ආබාධයන්ට ලක්ව සිටිති .

මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරිත්වය විසින් ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක වෙනුවට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තරුණ වේග පන්දු ක්‍රීඩක ක්වේනා මාපාකා කැඳවීමට තීරණය කළ බව නිවේදනය කොට ඇත .

IPL තරගාවලිය සඳහා මේ වන විට තමන් ක්‍රීඩා කරන කණ්ඩායම් සමග එක්ව සිටින්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන නුවන් තුෂාර සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන මහිෂ් තීක්ෂණ පමණය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න රොද්‍රිගු කියා සිටියේ ආබාධයන්ට ලක්වූ ක්‍රීඩකයින් නැවත පුර්ණ ශාරිරික යෝග්‍යතාවයන්ට පත්වූ පසු ඔවුන්ට IPL තරගාවලිය නියෝජනය කිරීමට හැකියාව පවතින බවයි. නමුත් තරඟය පවතින කෙටි කාලය තුල මෙම ක්‍රීඩකයින්ට පුර්ණ යෝග්‍යතා සහතිකයක් ලබා ගත හැකිද යන්න ගැටළුවකි .

මේ අතර වාරයේ ආබාධයන්ට ලක්වූ ක්‍රීඩකයින් වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයින් නම් කිරීමට ඉඩ ඇත .

Related Articles