පුෂ්පිකාට තහනමක් – අරගලය දුර දිගට

පුෂ්පිකාට තහනමක් – අරගලය දුර දිගට

තමන්ට සිදුවූ අපහාසය හේතුකොට ගෙන ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියට එරෙහිව නඩු පවරන පැවසූ චන්දිමාල් ජයසිංහ මහතා ඇයට හිමිව තිබුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජින පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කටයුතු කළ බව කියා සිටී.

පෙරදා කිරි පැණි මෙන් සංයෝග වූ පුෂ්පිකා සහ චන්දිමාල් දැන් විරසක වී සිටින්නේ පසුගියදා ලෝක රූ රැජින තරගාවලියේදී සිදු වූ ගැටුම් වලින් පසුවය.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින සංවිධාන කමිටුව කටයුතු කර තිබේ. ලෝක විවාහක රූ රැජින තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා වශයෙන් තමන්ට හිමි බලතල භාවිතා කරමින් පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද (08) සිට ශ්‍රී ලංකා විවාහක රූ රැජින යන නාමය දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ භාවිතා කිරීම තහනම් කරන බව කියා සිටියත්ඔ එම තීරණ නීත්‍යානුකූල භාවය පිළිබඳ ගැටලු ඇති විය හැකි බවයි සන්නාම භාවිතය පිළිබඳව විචාරකයින් පවසන්නේ.

තමන් මහා ළඟින්ම ඇසුරු කළ පිරිස් තමන්ට හානි කිරීමේ හේතුවෙන් ලෝක රූ රැජින බවට පත්වීමේ අවස්ථාව තමන්ට අහිමි වූ බවයි පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසන්නේ.

Related Articles