බ්‍රිතන්‍යයේදී පොලිස් ලුහුබැඳීමකදී  සිසුවෙක් මිය යයි

බ්‍රිතන්‍යයේදී පොලිස් ලුහුබැඳීමකදී සිසුවෙක් මිය යයි

පොලිස් ලුහුබැඳීමකදී මෝටර් රථයක ගැටීමෙන් නොටින්හැම් ට්‍රෙන්ට් විශ්ව විද්‍යාලයේ සිසුවෙකු වූ 31 හැවිරිදි ඕෂද ජයසුන්දර මියගොස් ඇත. පසුගිය බදාදා නොටින්හැම්හිදී සිදු වූ එම අනතුරෙන් ඕෂද ජයසුන්දර එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

මාරාන්තික වූ සිසුවෙකුගේ පවුලේ අය පවසන්නේ “යුක්තිය ඉටුවනු ඇතැයි බලාපොරොත්තු වන” බවයි. නොටින්හැම් ට්‍රෙන්ට් විශ්ව විද්‍යාලයේ පරිණත සිසුවෙකු වන 31 හැවිරිදි ඕෂද ජයසුන්දර බදාදා නොටින්හැම්හිදී එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

ප්‍රකාශයක් නිකුත් කරමින් යුක්තිය ඉල්ලා සිටින ඔහුගේ පවුලේ අය පවසන්නේ “අපගේ ආදරණීය පවුලේ සාමාජිකයා වූ ඕෂද ජයසුන්දර මාරක රිය අනතුරකින් මියයාමේ ඛේදනීය පුවත බෙදාගන්නේ බලවත් ශෝකයෙනි. අපගේ හදවත් ශෝකයෙන් බර වේ.” යැයි පවුලේ අය නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වන නොටින්හැම් පොලීසිය පවසන්නේ තමන් ඉතා කණගාටු වන බවත් මේ පිළිබඳව නිසියාකාරව විමර්ශන පවත්වන බවත්ය .

27 හැවිරිදි ජොෂුවා ගෙරෙගරි හට අනතුරුදායක ලෙස රිය පැදවීමෙන් මරණය සිදු කිරීම සහ රක්ෂණයක් නොමැතිව රිය පැදවීමෙන් මරණයට පත් කිරීම යන චෝදනා එල්ල වි තිබේ.

MSc ව්‍යාපෘති කළමනාකරණ පාඨමාලාවක් හදාරමින් සිටි ජයසුන්දර විශ්ව විද්‍යාලය විසින් හඳුන් වනු ලැබුවේ ” හොඳින් අධ්‍යාපනයේ නියැලුණු සහ කැපවූ” ශිෂ්‍යයෙකු ලෙසය.

‘අවාසනාවන්ත ඛේදවාචකය’

“නොටින්හැම්ෂයර් පොලිස් කාර්ය මණ්ඩලය, නොටින්හැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්, හදිසි මරණ පරීක්ෂක කාර්යාලය, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, නොටින්හැම් ශාන්ති විහාරය සහ භාවනා මධ්‍යස්ථානයට මෙන්ම මිතුරන්ට සහ සගයන්ට අපි අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. ඔවුන්ගේ නොසැලෙන සහයෝගය සහ මගපෙන්වීම මෙම අභියෝගාත්මක කාලවලදී ශක්තියක් වී ඇත.

කිර්ක්බි-ඉන්-ඇෂ්ෆීල්ඩ් හි වෙස්ට්ෆීල්ඩ් පාරේ ජොෂුවා ග්‍රෙගරි ට වැරදි හතරක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. අනතුරුදායක රිය පැදවීමෙන් මරණයට පත් වීම, රක්ෂණය නොමැතිව රිය පැදවීමෙන් මරණයට පත් කිරීම, මාර්ග අනතුරකින් පසු නතර කිරීමට අපොහොසත් වීම සහ විශ්ලේෂණය සඳහා නියැදියක් ලබා නොදීම මෙයට ඇතුළත් ය.

ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මීළඟට ජනවාරි 12 වැනිදා නොටින්හැම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් ප්‍රකාශකයෙකු මීට පෙර කියා සිටියේ බලකාය විසින් දැනුම් දීමෙන් පසුව ජොෂුවා ග්‍රෙගරි ලුහුබැඳීම ආරම්භ වූ බවයි අනතුරුව ඔහුගේ රිය ඕෂද ජයසුන්දර ගේ ගැටීමෙන් මේ මාරාන්තික අනතුර සිදුවූ බව පෙනෙන්ට තිබේ

Related Articles