‘බාසික් ගේ හෝටලය’ කැඩීම ගැන අවුලක්

‘බාසික් ගේ හෝටලය’ කැඩීම ගැන අවුලක්

ඩුබායිහි සිටින ප්‍රධානම මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ සිරාන් බාසික් ගේ Soul beach හෝටලය වෙරළ සංරක්ෂණ නිලධාරීන් විසින් කැඩීම ආරම්භ වූ නමුත් එය අතරමග නතර කොට තිබේ.
මේ වනවිට හෝටලයේ කොටසක් පමණක් කඩා බැකෝ යන්ත්‍ර ඇතුළු උපකරණ රැගෙන පොලිස් නිලධාරින් සහ කැරළි මර්ධන අංශ එම ස්ථානයෙන් ඉවත් වී තිබේ.

මෙම අනවසර හෝටලය කුඩු බෙදාහැරීමේ තිප්පොළක් ලෙස ක්‍රියාත්මක වූ බවට මතයක් ඇත. මෙතක් කල් මෙම හෝටලය ක්‍රියාත්මක වීම සඳහා බොහෝ දෙනා දායක වේ ඇති බවත් සිරාන් බාසික් ගෙන් ගෙවීම් ලද පිරිසකගේ ලැයිස්තුවක් විමර්ශකයින්ගේ අතට පත්වේ තිබේ. මේ අනුව ඉදිරි දින කීපය තුළ තවත් අත්අඩංගුවට ගැනීම් කීපයක් සිදුවීමට ඉඩ ඇති බවත් ඇතැම් පිරිස් කියා සිටින අතර හෝටලය වෙනුවෙන් කතා කල පිරිස් පැවසුවේ මේ හෝටලයට හෝ හිමිකරිත්වයට එරහිව චෝදනා තිබේ නම් නීත්‍යනුකුලව කටයුතු කල යුතු බවයි.

හෝටලයේ කොටස් කරුවෙක් බව තමන් හඳුන්වාගත් මොහොමඩ් රිෆා මෙම දේපල ඉවත් කිරිම සදහා උසාවි නියෝගයක් පවතී ද යන්න පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේ ය.

නීත්‍යානුකුලව ලබාගත් බව:

පූරා වසර දෙකක් තිස්සේ වෙරළ සංරක්ෂණය මෙම ඉදිකිරීම ප්‍රශ්න නොකළ බවත් තමන් ජලය සහ විදුලිය නීත්‍යානුකුලව ලබාගත් බව මොහොමඩ් රිෆා පොලීසියට පැවසුවේ. මේ විරෝධතාවයත් සමඟ මතුවීමත් සමග වෙරළ සංරක්ෂණ නිලධාරීන් සහ ආරක්ෂාවට හිටි පොලිසිය බැකෝ යන්ත්‍ර සමඟින් කඩිමුඩියේ ඉවත් වුහ. පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට සිරාන් බාසික් ඩුබායි රට පිටත්වීමට පෙර සියලුම නඩුවලින් නිදහස් වී ඇත .

දැනට තිබෙන තොරතුරු අනුව මෙම අනවසර යැයි කියනු ලබන හෝටලය කඩා ඉවත් කිරීමට නිසි නීතිමය අවසරයක් තිබුනේද යැයි දැනගන්ට නැත. සිරාන් බාසික් ගේ දේපල සහ වත්කම් පිළිබඳව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ මූල්‍ය කොට්ඨාසය විමර්ශන සිදුකොට ඇත.

මේ ස්ථානයට පැමිණි නීතිවේදිනියක් යැයි හදුන්වාගත් කාන්තාවක් පැවසුවේ තම සේවාදායකයා වෙනුවෙන් මෙම ඉදිකිරීම ඉවත් කිරීමට බලය ලබාදෙන ලියකියවිලි ඉල්ලා සිටි නමුත් කිසිත් නොලැබුන බවයි. පුරවැසියෙකුට තිබෙන තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංගනය වී ඇති බවයි ඇය පැවසුවේ.

Related Articles