වැලිගම වැටලීම සහ පොලිස් මරණය ගැටළුවක්

වැලිගම වැටලීම සහ පොලිස් මරණය ගැටළුවක්

‘හරක් කටා’ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුත්තකට ගිය අවස්ථාවේ ඇති වූ වෙඩි හුවමාරුවකදී පොලිස් සාජන්වරයා වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවස න අතර තවත් වාර්තා පවසන්නේ දෙමටගොඩ පොලීසිය අක්‍රමවත් ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් මෙම මරණය සිදුවේ ඇති බවයි .

මේ පිළිබඳව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විමර්ශන වාර්තාවක් කැඳවා ඇති බව වාර්තා විය. පොලිස් සාජන්වරයාගේ පෙනහැල්ලට වෙඩිවැදි රුධිරය වහනය විමෙන් මරණය වි ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණ වූ අතර තවත් පොලිස් නිලධාරියෙකුට බරපතල තුවාල සිදුවේ ඇත.

මෙම අවස්ථාවදී දෙමටගොඩ පොලීසියෙන් ගිය පිරිස වැලිගම පොලීසියට පුර්ව දැනුම්දීමක් කළාද නැතිද යන්න තමන් දන්නේද නැතිද යන්න තමන් දන්නේ නැති බව පොලිස් ප්‍රකාශක අජිත් තල්දුව මාධ්‍යවේදීන්ට පැවසීය .

වැලිගම වැටලිමේදී වෙඩි වැදිමෙන් මියගිය පොලිස් සාජන්වරයාගේ පෙනහැල්ලේ තිබූ වෙඩි උණ්ඩ දෙක වැඩිදුර පරික්ෂණ සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරිමට කටයුතු කර ඇත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පැවසුවේ, පොලිස් සාජන්වරයාට වෙඩිවැදි ඇත්තේ කුමන වර්ගයේ ගිණි අවියකින්ද යන්න පිළිබද රස පරික්ෂකවරයාගේ වාර්තාව ලැබිමෙන් පසු අනාවරණය කරගතහැකි බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

වෙඩි වැදීමෙන් මියගිය 46 හැවිරිදි ගලේවල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් නිලධාරියා ය ගේ යෙකි. කොළඹ අපරාධ කොට්ඨාශයට අනියුක්තව සේවය කළ එම පොලිස් කොන්ස්තාපල්වරයාගේ මෘතදේහය ඊයේ රාත්‍රි ඔහුගේ ඥාතින්ට භාර දෙන ලදි. මෙම වෙඩි තැබීම පිළිබඳව අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැත. උදෑසනම දහම් පාසල් ගිය උපුල්ගේ දෙවැනි දියණිය මෙම සිදුවීම දැනගත් පසු නිවෙසට පැමිණ හඬා වැටුණු අයුරු දුටු එහි පැමිණ සිටි සියල්ලන්ගේ දෙනෙත් කඳුළින් තෙත් විය. උපුල් චමින්දගේ වැඩිමහල් දියණිය මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර ඇය විභාගයට කැටුව යාම සඳහා ඔහු නිවාඩු ලබා පැමිණීමට ද සිටි බව පැවසේ.

Related Articles