රතු  මුහුදේ කැරලිකාර  බෝට්ටු වලට ප්‍රහාර

රතු මුහුදේ කැරලිකාර බෝට්ටු වලට ප්‍රහාර

යේමනයේ හවුති කැරලිකරුවන්ගේ ටි බෝට්ටු තුනක් ගිල්වා දැමූ බව එක්සත් ජනපද හමුදාව පවසයි. එක්සත් ජනපද යුධ නෞකා දෙකක් වන යූඑස්එස් අයිසන්හවර් සහ යූඑස්එස් ග් රේව්ලි හි හෙලිකොප්ටර් යානා ඉරිදා උදෑසන ආත්මාරක්ෂාව සඳහා “ඉරානයේ සහාය ලබන හවුති කුඩා බෝට්ටු” වෙත වෙඩි තැබූ බව ඇමරිකා එක්සත් ජනපද හමුදා ප්‍රකාශකයෙක් පැවසීය .

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාත්මක කරන මෙහෙයුමට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලය වෙත යන නෞකාවලට ප්‍රහාර එල්ල කරන බව, ඉරානයේ සහාය ලබන යේමනයේ හූති කැරලිකරුවෝ පවසති.

යේමනයේ හවුති කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් රතු මුහුද මඟහැර වෙනත් මාර්ග භාවිත කිරීමට නෞකාවලට සිදුවුවහොත්, රූපවාහිනී යන්ත්‍ර සහ ක්‍රීඩා පාවහන් වැනි එදිනෙදා භාවිතයට ගන්නා භාණ්ඩවල මිල දැඩි ලෙස ඉහළ යා හැකි අතර ශ්‍රී ලංකාවේ අපනයන කරුවන්ට වැඩි රක්ෂණ ගාස්තුවක් ගෙවීමට සිදුවෙනු ඇත .

රතු මුහුදේ වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පසු ප්‍රධාන පෙළේ නැව් සමාගම් ගමන් වාර අත් හිටුවා ඇත. ලොව බහාලුම්වලින් 30%ක් ද ඇතුළුව, ලොව වෙළෙඳාම් කටයුතුවලින් 12%ක් සිදුවන්නේ රතු මුහුදේ උතුරු කෙළවරේ පිහිටි සූවස් ඇළ හරහා ය.

රතු මුහුද හරහා තවමත් යාත්‍රා කරන නෞකාවලින් සන්නද්ධ ආරක්ෂක සහ ආරක්ෂක උපදේශකයින් සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති හෙයින් ශ්‍රී ලංකාවට නව වෙළෙඳපළක් ලබාගැනීමේ හැකියාවක් ඇති විය හැකිය.

සෝමාලි මුහුදු කොල්ලකරුවන් මැඩලීමේ ක්‍රියාන්විත වලට දී ශ්‍රී ලංකාවේ සන්නද්ධ ආරක්ෂක පිරිස් දායක වී ඇත.

Related Articles