මියන්මාර වධකාගාර වලින් තරුණයින් බේරගන්න අවසර

මියන්මාර වධකාගාර වලින් තරුණයින් බේරගන්න අවසර

මියන්මාරයේ සයිබර් වහල් සේවයේ යෙදී සිටින තරුණයින් බේරා ගැනීමේ හැකියාවක් ඇති බව තරිඳු තාරක පවසයි.  ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවේ අනුමැතිය සහිත ලිපියක් අවශ්‍ය බවයි ඔහු කියා සිටින්නේ.

දැනට වාර්තා වෙන අන්දමට ශ්‍රී ලාංකික තරුණයින් පනස්හය දෙනෙක් පමණ සිටින බව වාර්තා වෙන නමුත් ඊට් වැඩ වැඩි පිරිසක් එහි සිටිය හැකි බවයි තරිඳු තාරක පවසන්නේ. මෙම ජාවාරම චීන ජාතික ජාවාරම්කරුවන් විසින් පවත්වාගෙන යන අතර ඊට මියන්මාර ,තායිලන්ත සහ ශ්‍රී ලංකික අතරමැදි තැරව්කරුවන් ගේ සහයෝගය ලැබේ .සේවක පිරිස් වල අත් සහ කකුල් වලට මාංචු දමනු ලැබේ .

මේ පිරිස් වල අවයව ගලවාගත් අවස්ථා පිළිබඳවද වාර්තා වී තිබේ. ක්‍රෙඩිට් කාඩ් සහ ක්‍ර්ප්ටෝ ඩිජිටල් විනිමය වංචා වලට මේ පිරිස් යොදවනු ලබයි. තමන්ගේ සබඳතා භාවිතා කරමින් මේ සයිබර් කඳවුරු පාලනය කරන පිරිස් හා කථාකොට ගෙවිය යුතු මුදල් අඩු කරගත හැකි බවයි තරිඳු තාරක පවසන්නේ.

Related Articles