මැටරඹ කපුවා දරුවන්ට මත්පැන්  පොවා සමුහ  ලිංගික කටයුතු වල යොදවලා ?

මැටරඹ කපුවා දරුවන්ට මත්පැන් පොවා සමුහ ලිංගික කටයුතු වල යොදවලා ?

ළමුන් අපයෝජනය සම්බන්ධයෙන් දැනට වාර්තාවෙන තොරතුරැ සත්‍ය නම් කිසිසේත් සිදු නොවිය යුතු බොහෝ දේ සිදුව ඇත.

පාසල් දරුවන් අපයෝජනය කිරීමේ චෝදනා එල්ලවී ඇති ගාල්ලේ මැටරඹ කපුවා අපයෝජනයට ලක්වූ දරුවන්ට මත්පැන් ලබාදී ඔවුන් කණ්ඩායම් වශයෙන් ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඇති බවත් මෙම දසුන් වීඩියෝ ගත කොට විදේශයන්ට විකුණා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.

විමර්ශන කටයුතු ආරම්භ වීමත් සමඟම මෙම කපුවා අපයෝජනය කර ඇති ළමයින් ගේ ගණන විස්ස දක්වා ඉහල ගොස් ඇත.

සැකකරු ලබන සැප්තැම්බර් හය 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කොට ඇති අතර මේ සිදුවීම සම්න්ධයෙන් විරෝධය පල කරන ජනතාව පවසන්නේ කපුවාට සහයෝගය දක්වන පිරිස් සම්බන්ධ යෙන්ද පියවර ගත යුතු බවයි.

ඔහුට ආධාර කළ බව කියන පුද්ගලයින්ට සම්බන්ධයෙන් හොයා බලන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවත් ගත පියපරක් මෙතෙක් වර්ටහ වී නැත.

ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතීඥයන් බහුතරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ස්වාධීනව පෙනී සිටිමින් තමන්ගේ අප්‍රසාදය සහ විරෝධය සලකුණු කොට සිටියහ.

Related Articles