රාජ්‍ය බැංකු රහස්

රාජ්‍ය බැංකු රහස්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ නියෝගයකට අනුව රාජ්‍ය බැංකුවක් විසින් රහසිගත යැයි පැවසූ තොරතුරු නිකුත් කිරීමට අභියාචනාධිකරණය විසින් නියෝග කොට ඇත.

මෙම තීන්දුව මගින් මාණ්ඩලික සහකාර බඳවා ගැනීම් සඳහා දීප ව්‍යාප්ත තරඟ විභාගවලට මුහුණ දුන් අයදුම්කරුවන්ගේ ලකුණු හෙළිදරව් කළයුතු වනු ඇත .

මාණ්ඩලික සහකාර බඳවා ගැනීම් සඳහා දීප ව්‍යාප්ත තරඟ විභාග සඳහා ගාල්ලේ අපේක්ෂිකාවක් පෙනී සිටියාය .

විභාගය සමත් වුවද ඇය බඳවා ගැනුණේ නැත .තමන් ප්‍රතික්ෂේප වුනේ කවර හේතු මතදැයි ඇයට දැන ගැනීමට අවශ්‍ය විය .

තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පනත යටතේ අභියාචනයක් ගොනු කල නමුත් බැංකුව තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කොට සිටියේය.

සම්මුඛ පරීක්ෂණ ලකුණු, කුසලතා ලැයිස්තු සහ ගාල්ල දිස්ත්‍රික්කයේ කුසලතා මත පදනම්ව තෝරාගත් නිලධාරීන්ගේ ලැයිස්තු ලබා දෙන මෙන් තොරතුරු දැනගැනීමේ කොමිසම නියෝග කළත් රාජ්‍ය බැංකුව එම තීරණය අධිකරණය හමුවේ අභියෝග කළේය.

නියෝගය අවලංගු කිරීමට බැංකුව දැරූ උත්සාහය ඉවත දැමූ විනිසුරු D.N සමරකෝන්, මහජන විභාගවල විනිවිදභාවය මහජන යහපත සඳහා ඉතා වැදගත් බව ප්‍රකාශ කළේය.

විභාගයේ අඛණ්ඩතාව

තොරතුරු නිකුත් කිරීම විභාග පරිපාටියට හානිදායක බව පවසමින් බැංකුවේ විරෝධතා ඉවත දමා  ඇත .

මෙම තීන්දුව රාජ්‍ය බැංකුවේ බඳවා ගැනීමේ ක්‍රියාවලියේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හෙළිදරව් කරනවා පමණක් නොව, ජාතිය පුරා පැවැත්වෙන අනෙකුත් පොදු විභාගවල විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න ද මතු කරයි. පුරවැසියන් ‘රාජ්‍යය නිරීක්ෂණය කිරීමට’ වැඩි බලයක් ලබා ගන්නා විට, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ උදව්වෙන්  හෙළිදරව් කළ හැකි වෙනත් රහස් මොනවාදැයි සොයා බැලිය යුතුය.

Related Articles