රෝයල් පාක් ඝාතන නඩුව….

රෝයල් පාක් ඝාතන නඩුව….

රෝයල් පාක් ඝාතන චූදිත ජූඩ් ශාමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදීමේදී අත යට ගනුදෙනුවක් සිදුවී ඇතිදැයි සැක පහළ වී තිබේ.

2005 වසරේ රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ සිද්ධියට ජයමහ මහතාට මරණ දඬුවම නියම විය. ජයමහ මහතාට සමාව ලබාදීමේදී මුදල් එහා මෙහා වූ බවට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකදී හිටපු ජනාධිපති සිරිසේන මහතා කළ ප්‍රකාශය රතන හිමියෝ තරයේ ප්‍රතික්ෂේප කොට සිටිති .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සමාව ලබා දුන්නේ රතන හිමියන්ගේ බලකිරීම මත බව කියා සිටී. මුදල් අතින් අතට මාරු වූ බව හිටපු ජනාධිපතිවරයා විශ්වාස කළ නමුත් සමාව ලබා දීමෙන් තමන්ට මූල්‍යමය ප්‍රතිලාභයක් නොලැබුනු බව පවසයි.

සිරිසේන මහතා කියා සිටියේ රතන හිමියන් අවස්ථා කිහිපයකදීම ජයමහ ගේ පවුලේ අය සමඟ තමන් වෙත පැමිණි බවත්, ඇතැම් විට තම නිවසට අනාරාධිතව පැමිණ නිදහස ඉල්ලා සිටි බවයි. මෙම සමාව ලබා දීමේදී මුදල් හුවමාරු වූ බවට පැතිර ගිය කථා බහ පිළිබඳව හොයා බලන ලෙස තමන් දැන්වූ බව හිටපු ජනාධිපතවරයා පැවසීය.

” කවුරුහරි පවුලෙන් සල්ලි ගත්ත බව ඔවුන් තහවුරු කළා” යැයි සිරිසේන හිටපු ජනාධිපති වරයා පැවසීය. බුද්ධි අංශ වාර්තා මත පදනම්ව මුදල් එහා කරගතේ කවුරුන්ද යන්න හෙළි කිරීමට හිටපු ජනාධිපතිවරයා අසමත් වීම ගැටළුවකි .

ජයමහ නිදහස් කර ගැනීමට රතන හිමියන් මුදල් ගන්නට ඇතැයි ඇඟවීම සම්බන්ධයෙන් සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කොට අ ඇත “ඔහු (සිරිසේන) මා ගැන කෙළින්ම සඳහන් කළේ නැහැ, මුදල් ගත් අය අතර මා සිටින බව පමණක් ඇඟවුම් කළා මට කෙළින්ම චෝදනා කළා නම්, මම ඔහුට දැනටමත් නඩු පවරලා යැයි රතන හිමියන් පවසති.

Related Articles