ශ්‍රි ලංකාවේ  පළමු අඩු වියදම්  ගුවන් සේවය – ෆිට්ස් එයාර්  පියාසරට සුදානම්…

ශ්‍රි ලංකාවේ පළමු අඩු වියදම් ගුවන් සේවය – ෆිට්ස් එයාර් පියාසරට සුදානම්…

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඩු වියදම් ගුවන් සේවය වන ෆිට්ස් එයාර් ඔක්තෝම්බර් 05 වන දින ඩුබායි, මාලේ සහ ට්‍රිචි වෙත පියාසර කිර්ර්මට නියමිතය.

කල්බදු ක්‍රමයට ගත් Airbus A320-200 ගුවන් යානා තුනක් මෙම ගුවන් යන සේවය සතු බව මගී මෙහෙයුම් භාර පීටර් හිල් මහතා පැවසීය.

“රටට දෙවන බලවේගයක් අවශ්‍යයි, පෞද්ගලීකරණය කළ විට ගුවන් සමාගමක් හොඳින් පවත්වාගෙන යා හැකි බව අපි පෙන්විය යුතුයි,” හිල් කොළඹදී වාර්තාකරුවන්ට පැවසීය.

Fits Aviation’s (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ පුද්ගලික අයිතිය ඇති Aberdeen Holdings සමාගමේ කොටසක් වන අතර එය අභ්‍යන්තර ගුවන් ගමන් සහ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් ක්‍රියාත්මක කරන සමාගමකි.

ගුවන් සමාගම වෙළඳපොළට පිවිසෙන්නේ. දැඩි මුල්‍ය අර්බුදයක් පවතින මොහොතකය. විදේශ විනිමය හිඟය සහ ගුවන් ඉන්ධනවල රාජ්‍ය ඒකාධිකාරය හේතුවෙන් ශ්‍රී ලංකාව ගුවන් යානා ඉන්ධන හිඟයකට මුහුණ දෙමින් සිටී.

පීටර් හිල් පැවසුවේ තම ගුවන් සමාගමට කොළඹ තිබෙන ඉන්ධන තොග වලින් දෙසැම්බර් මාසය දක්වා පියාසර කල හැකි බවයි.

Fits Air මගීන්ට කිලෝග්‍රෑම් 30 ක් සහ රැගෙන යා හැකි අතර තමන් සමඟ කිලෝ 7 ක් අගේන යා හැකිය.රිනමයි. කිලෝග්‍රෑම් 20 ට අඩු ප්‍රමාණයක් ගන්නා මගීන් ටිකට් සඳහා සහන මිලක් ලැබෙනු ඇත.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලාභදායී ලෙස පවත්වාගෙන ගිය හිටපු එමිරේට්ස් විධායකයෙකු වන හිල් ප්‍රකාශ කළේ තුන්වෙනි වසර වන විට ලාභ ලැබීමට
බ්ලප්රොත්තු වන බවයි.

Related Articles