ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාලගෝට්ටි රැසයි….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාලගෝට්ටි රැසයි….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සම්මත වූ නමුත් ඒ පිළිබඳව ගාලගෝට්ටි රැසක් ඇතිවී තිබේ.

පක්ෂයේ සභාපතිවරයාට ඒකාධිපති බලයක් හිමිවන බවට චෝදනා කරමින් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඊට විරෝධය දක්වූ අතර පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ තමන් නීති උපදෙස් පිට පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කල බවයි. පක්ෂ තීන්දුවට බැහැරව ආණ්ඩු පක්ෂයෙන් දුන් ඇමතිකම් ලබා ගත් මහින්ද අමරවීර මෙම රැස්වීමට සහභාගී වූ අතර ඔහුටද විරෝධය එල්ල විය.

ඇමති නිමල් සිරිපාල සිල්වා පැවසුවේ ‘කිසිම කචල් එකක් නැති නමුත්’ පක්ෂ සභාපති වරයාට පක්ෂ සමජිකයින් අස් කිරීමේ හැකියාව ලැබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධන සම්මත වූ බවයි. මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ පක්ෂ විනය කඩකළ පිරිස්වලට එරෙහිව පියවර ගත යුතු බවයි.

Related Articles