ශ්‍රී ලංකා රූපවාහිනි  සංස්ථාවට කඩාවැදුණු දානිෂ්  අලි කව්ද ?

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට කඩාවැදුණු දානිෂ් අලි කව්ද ?

පසුගියදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට පසුගියදා කඩාවැදුණු බව කියන දානිෂ් අලි ගුවන් යානයකින් පිටත් වීමට මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත . පොලිසිය කියන්නේ ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් තිබු බවයි. දානිෂ් අලි අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ඊට එරෙහි වූ අතර දානිෂ් කියා සිටියේ අත්අඩංගුවට ගැනීමේ සහ ගුවන් ගමන් තහනම් නියෝගයේ මුල් පිටපත් පෙන්වන ලෙසය.

දානිෂ් අලි වෙනුවෙන් සෙසු ගුවන් මගීන් ද මැදිහත් වුහ. ‘ මම මිනීමරුවෙක් නොවේ මම රට වෙනුවෙන් පාරට බැස්සේ .මට අවුරුදු එක හමාරක දරුවෙක් සිටිනවා යැයි අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර දානිෂ් අලි පැවසීය.

අරගලකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ දානිෂ් අලි නිරන්තරයෙන්ම අරගලයට ක්‍රියාකාරීව දායක වූ කුරුනෑගල වාසි සහෝදරයෙක් බවයි. ඔහු ජාතික රූපවාහිනී සංස්ථාවට ගියේ එම මාධ්‍ය ආයතනය ගෙන යන ඒක පාර්ශික මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව ඔවුන් දනුවත් කිරීමට මිස එම ආයතනය අල්ලා ගැනීමට නොවන බවයි අරගලකරුවන් පවසන්නේ.

දානිෂ් අලි දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් බවත් අරගලය හේතුවෙන් රැකියාව ඇතුළු බොහෝ දේ කැප කළ බවයි අරගලකරුවන් පැවසුවේ.

අරගලකරුවන් විශාල පිරිසක් ජාතික රූපවාහිනිය ඉදිරිපිට රැස්ව එහි සිටි කාර්ය මණ්ඩලයට පැවසුවේ මින්පසුව අරගලය පිළිබඳව පුවත් පමණක් විකාශනය කලයුතු බවයි. පසුව විකාශන කටයුතු නතර කිරීමට ජාතික රූපවාහිනියේ ඉංජිනේරුවන් පිරිස කටයුතු කළහ.

රාජ්‍ය මාධ්‍ය වාර්තාකරණයේ ගැටළු ඇති නමුත් ඊට බලහත්කාරයෙන් ඇතුල්වී අරගලකරුවන් හැසිරුණ ආකාරය සහ කාර්ය මණ්ඩලයට ආමන්ත්‍රණය කළ ස්වරුපය පිළිබඳව තමන්ට එකඟ විය නොහැකි බව මාධ්‍ය විචාරකයින් පවසයි.

Related Articles