සජිත් සහ ඩලස් – කෙනෙක් ජනපති අනෙකා අගමැති

සජිත් සහ ඩලස් – කෙනෙක් ජනපති අනෙකා අගමැති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ තවමත් ඉල්ලා අස්වී නැති අවස්ථාවකදී මීළඟට කෙරෙන පත්වීම් පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇත.

නව ජනාධිපති ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.

තලතා අතුකෝරල මන්ත්‍රීවරියගේ නුගේගොඩ පිහිටි නිවසේ එක්රැස්වූ, සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම සහ හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ඇතුළු පක්ෂ හා කණ්ඩායම් රැසක් මේ පිළිබඳව කථා බහකට එක්වී ඇත.

සජිත් සහ ඩලස් යන දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙසත් අනෙකා අගමැති ලෙසත් පත් කර ගැනීමේ යෝජනා ඉදිරිපත් වී ඇති නමුත් එකඟතාවක් ඇතිවී නැත.

අතුරලියේ රතන හිමි ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, වීරසුමන වීරසිංහ, ප්‍රේමනාත් දොලවත්ත, මොහොමඩ් මුසම්මිල්, ඒ එල් එම් අතාවුල්ල, ගෙවිදු කුමාරතුංග යන මහත්වරුද මේ කථා භට එක වී අත.

ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ක්‍රියාත්මක වන අතර අනුර ප්‍රියදර්ශන යාපා අගමැති තනතුරට පත් කිරීමේ වැඩ පිලිවෙලක්ද ක්‍රියාත්මක වෙමින් පවතී .

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නව ජනාධිපතිවරයෙකු පත් කර ආකාරය මෙසේ විතර කළේය:

“ජනාධිපතිවරයෙකු ඉල්ලා අස් වෙනවා නම් ඔහුගේ අත්සන සහිත ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දිය යුතු වෙනවා. ජනාධිපති ධූරය පුරප්පාඩු වෙන්නේ ඒ අවස්ථාවේදී තමයි. ජනාධිපති ධුරය පුරප්පාඩු වුණාම අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වෙනවා.

අගමැතිවරයාට එසේ කළ නොහැකිනම් කතානායක වරයා වැඩබලන ජනාධිපති වරයා ලෙස පත් වෙනවා. එහෙම පත්වුණාට පස්සේ මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට බලය තියෙනවා තමුන්ගේ සුදුසුකම් තියෙන මන්ත්‍රීවරුන් අතරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරගන්න. මාසයක් ඇතුළත විය යුතුයි. එය කරන්නේ පාර්ලිමේන්තුව තුළ පවත්වන ඡන්දයකින්. ඒ ඡන්දයෙන් ජයගන්න නම් මන්ත්‍රීවරයකු මුළු ඡන්ද වලින් සියයට පනහකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත යුතුයි. 225 දෙනාගෙන් ඡන්ද 113ක් ලබාගත යුතුයි.”

Related Articles